Chitika Smowtion 468x60


Saturday, May 19, 2012

ජනධිපතිතුමා සැරියුත් පරම්පරාවේ කෙනෙක් - මර්වින්


  • ජනාධිපතිතුමාගේ එක් පැත්තක් මුගලන් පරම්පරාව අනෙත් පැත්ත සැරියුත් පරම්පරාවට සම්බන්ධයි.
  • රටේ වී විකුණා ගන්ඩ බැරිව අතිරික්තයක් තියන ඒකෙන්ම පෙනෙනවා රටේ සංවර්ධනය
  • මං ඇඬුවේ ඉපදෙන දවසේ විතරයි. මං මැරෙන දවසටත් හිනා වෙනවා

මහජන සබඳතා හා මහජන කටයුතු ඇමැති මර්වින් සිල්වා සමඟ කළ සාකච්ජාවක් සිළුමිණ පුවත්පතේ පලවී තිබෙනවා, එහිදී අමාත්‍යවරයා පවසා තිබෙන්නේ ජනාධිපතිතුමාගේ එක් පැත්තක් මුගලන් පරම්පරාවටත්, අනෙත් පැත්ත සැරියුත් පරම්පරාවටත් නෑකම් කියන බවයි

තව දුරටත් අදහස් දවන අමාත්‍යයවරයා පවසන්නේ රටේ එළවළු, වී විකුණා ගැනීමට බැරි තත්ත්වයක් තිබෙන්නේ රට සංවර්ධනය වී ඒවාගේ අතිරික්තයක් තිබෙනා නිසා බවයි.

රටේ සංවර්ධනයක් වෙනවා කියලා ඔබට හිතෙනවා ද?

රටේ සංවර්ධනයක් වෙන්නේ නෑ කියන්නේ කවුද? දැන් බලන්න එක පැත්තකින් රටේ දැන් එළවළු අතිරික්තයක් ඇති වෙලා. රටේ වී විකුණා ගන්ඩ බැරිව වී අතිරික්තයක් තිබෙනවා. ඒකෙන්ම පෙනෙනවා රටේ සංවර්ධනයක් තියෙනවා ද නැද්ද කියලා.

ඊළඟට ලංකාවේ පළමුවරට බඩ ඉරිඟු ටොන් දස දහසක් පිටරට යවන්න පටන් ගත්තා. කවුරුහරි කියනවානම් රටේ සංවර්ධනයක් වෙන්නේ නැහැ කියලා ඔහුව සොයා ගෙන ගිහින් මොලේ පරීක්ෂා කරවන්ඩ ඕනේ. මොකද එහෙම නොවුණොත් මේ රට පිස්සන් කොටුවක් බවට පත් වෙනවා. මොකද නැත්නම් ඒක බෝවෙන රෝගයක් වෙනවා.

ඔබට හිතෙන්නේ නැද්ද මාධ්‍ය ඔබ විහිළුකාරයෙක් කරගෙන කියලා?

මුක පරම්පරාව විසින් රජ ගෙදර හිටපු අන්දරේ විහිළුකාරයෙක් කළානේ. හැබැයි අන්දරේ කියන්නේ මහා ප්‍රවීණ ප්‍රඥාවන්තයෙක්. ඕනේ කෙනකුට සල්ලාලයා හොරා කියන්ඩ පුළුවන්. මට හොරෙක් සල්ලාලයෙක් නැත්නම් පගා කාරයෙක් නොකියා මං විහිළුකාරයෙක් කියලා මාධ්‍ය කියනවානම් මට ඒක කමක් නැහැ. මිනිස්සු ඒකෙන් සන්තෝෂ වෙනවානම් මං ඒකට සන්තෝෂයි. මට ඒකට බාධාවක් නෑ.

මිනිස්සු මගේ කථාවකින් සන්තෝෂ වෙනවානම්, දේශපාලනඥයෝ දැක්කාම මිනිස්සු බය වෙන්නේ නැතිනම්, දේශපාලනඥයකු කියන කථාවලට මිනිස්සු හිනා වෙනවානම් ඒ අයගේ ලේ පිරිසිදු වෙනවානේ. ඒක මට ලොකු පිනක් නේද? රඟපාන්නේ නැතිව වචනයකින් මිනිස්සු හිනස්සවන්න පුළුවන්නම් ඒක දක්ෂකමක් නේද?\

සමහරු අහනවා මේ ආණ්ඩුව කවදාද වැටෙන්නෙ කියලා?

මේ රටේ කෑම බීමවල හිඟයක් නැහැ. එතකොට අලස සහ කම්මැලි දුර්වල උන්ට තමයි මේ රටේ නරක පෙනෙන්නේ. මේ රටේ හැමෝටම හැකියාව අනුව ධෛර්යය අනුව ජීවත් වීමට පරිසරය සකසා තිබෙනවා. අද දකුණට වඩා උතුරු නැඟෙනහිර පළාත් රටේ සංවර්ධනයට දායක වෙනවා. ඒ මොනවත්ම ඕන නෑ. ජනාධිපතිතුමාගේ දර්ශනය මුළු ලෝකේම පිළිගන්නවානම්. එතකොට ලෝකේ අපේ රටට යම් යම් බාධා එල්ල වෙනවා.

අපේ රට තනියම නැගී සිටින්න හදන මොහොතක්. ඒ වගේම ලොව බලවත් රටවල් කුඩා රටවල ආර්ථිකය දේශපාලනය මඟින් නව යටත් විජිතවාදය පතුරවන මොහොතක් මේ. ඒත් අපේ ජනාධිපතිතුමා ඒවාට යට වෙන්නේ නෑ. ඉතින් එහෙව් රජයක් වට්ටවන්න මේ රටේ විපක්ෂයක් තියෙනවා ද? හැම පක්ෂයම තුනට හතරට කැඩිලා. එකාට එකා කුලල් කා ගන්නවා. ඉතින් කවුද මේ රජය වට්ටන්නේ. ඒ නිසා අපට පුළුවන්කම තියෙනතුරු මේ ආණ්ඩුව වැටෙන්නේ නෑ. ජනමතය තියෙන්නේ ආණ්ඩුවට. අපිට ආණ්ඩු කරලා එපා වෙනදාට තමයි විපක්ෂයට ටෙන්ඩර් ක්‍රමයට වගේ ආණ්ඩුව දෙන්න වෙන්නේ.

ඔබේ දේශපාලන ජීවිතය ගැන ඔබ ආඩම්බර වෙනවා ද?

මං රිය අනතුරු හයකට මුහුණ දීලා තියෙනවා. මං දුක් වෙලා නෑ. දේශපාලනය නිසා පවුලේ තුන් දෙනෙක් නැති වුණා. ඒත් මං දුක් වුණේ නෑ. මේ කෙටි කාලයකට මනුස්ස ලෝකෙට ඇවිත් ඇයි අපි දුක් වෙන්නෙ. ළමයි ඉපදෙන්නේ මේ ලෝකයට අඬලා. අඬලා ඉපදෙන අපි හැමදාම අඬන්න පටන් ගත්තොත් මොකද වෙන්නෙ. මං ඇඬුවේ ඉපදෙන දවසේ විතරයි.

මං මැරෙන දවසටත් හිනා වෙනවා. මං බෙලිඅත්තේ ඉඳලා ආවේ. අපේ තාත්ත ව්‍යාපාරිකයෙක්. ඔහුගේ එකම ප්‍රාර්ථනය වුණේ රාජපක්ෂවරුන්ට උදව් කරලා ඉහළටම යවන්න. ඒ ගමනේදී මං කැබිනට් ඇමැතිවරයෙක් වුණාම සතුටු නැද්ද?

ඔබේ පක්ෂයේ නායකත්වය ගැන මොකද හිතන්නෙ?

මගේ පක්ෂ නායකත්වය මං විතරක් නෙමෙයි රටම නෙමෙයි මුළු ලෝකේම පිළි අරගෙන තියෙනවානේ. නිර්භීතකම තියෙන, ජවය තියෙන, සාදාචාර සම්පන්න බව තියෙන දුරදක්නා නුවණ තියෙන මහා ප්‍රඥාවන්තයෙක් විදියට තමයි. උගත්කමයි ප්‍රඥාවයි කියන්නේ දෙකක් ඒක පටලවා ගන්ඩ එපා. එතුමා නීතිඥයෙක් හැටියට උගත් කෙනෙක්. එතුමා සැරියුත් පරම්පරාවේ කෙනෙක්. බුදුන්වහන්සේගේ කාලේ ප්‍රඥාවෙන් අග තැන් වුණේ සැරියුත් මහ තෙරුන්.

අපේ ජනාධිපතිතුමාගේ එක් පැත්තක් මුගලන් පරම්පරාව අනෙත් පැත්ත සැරියුත් පරම්පරාවට සම්බන්ධයි. මුගලන් තෙරුන් කියන්නේ යමක් කරන්න හිතුණොත් ඒක කරනවා. උන්වහන්සේට නිර්භීතකමත් හොඳ ජවයකුත් තිබුණා.

විපක්ෂය කවදා ආණ්ඩුවක් හදයි ද?

බුදු දහමේ හැටියට බුද්ධ වර්ෂ 5500 න් බුදු දහම ඉවර වෙනවා. ගෞතම බුදුන් වහන්සේ කාලයට පසුව මේ විශ්වයේ මිනිස්සු නැති මහා අවාසනාවන්ත කාල පරිච්ඡේදයක් ලබනවා. ඒක ලෝකේ පොත්පත්වල තියෙනවා. ඒ කාලයට කවුරුත් නැති නිසා මෙයාලාට තනියම ආණ්ඩුවක් පිහිටුවන්ඩ පුළුවන්. මිනිස්සු නෑ. සල්ලි ඕන නෑ. ඉතින් එයාලාට ඒ කාලේට ආණ්ඩුවක් පිහිටුවන්න පුළුවන්

එම සම්පූර්ණ සාකච්ජාව මෙතනින්.








Source: http://www.gossip9.com/2012/05/blog-post_3628.html#ixzz1vJxaWpVt

Share this article with your friends