Chitika Smowtion 468x60


Thursday, June 7, 2012

ජාතික කොඩිය රාජපක්ෂගේ නොවේ


බිම දමා පිළිස්සීම නීති විරෝධීයි: චැනල්-4 ප්‍රචාරය නිසා වන්දි අයකර ගත හැකියි!

ඊයේ ශ්‍රී ලංකා රෙජීමාධිපතිවරයා 
බ්‍රිතාන්‍යයේ නැවතී සිටි හෝටලය අසල බි්‍රතාන්‍යයේ පදිංචි දෙමළ ජාතිකයන් පිරිසක් විසින් උද්ඝෝෂණයක් කෙළේ රෙජීමාධිපති මහින්ද රාජපක්ෂ යුද අපරාධකරුවෙකු ලෙස නම් කරමිනි. එහිදී උද්ඝෝෂකයෝ ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය බිම දමා පුළුස්සා විරෝධතා පැවැත්වූහ. මෙය බ්‍රිතාන්‍ය චැනල් -4 සේවාවේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශයේදී විකාශය කෙරිණ.

මෙය පැහැදිලිවම 
බ්‍රිතාන්‍ය
 නීතිය අනුවත් යුරෝපා සංගමය විසින් අත්සන් තබා ඇති මානව හිමිකම් ගිවිසුම අනුවත් 
ශුද්ධ වස්තූන් කෙළෙසීමේ වරදට හසුවන්නකි. ජාතික කොඩියක් යන්න ගැනෙන්නේ ශුද්ධ වස්තුවක් ලෙසටය.

එවැනි කි්‍රයාවක් මාධ්‍ය ආයතනයක් විසින් විකාශය කිරීමද වරදක් මෙන්ම පිළිගත් මාධ්‍ය සදාචාරයන්ටද අනුකූල නොවන්නකි.

මහින්ද රාජපක්ෂ යුද අපරාධ කරුවෙක්ද? නැතිද? යන්න විසඳාගත යුතු ප්‍රශ්නයකි. නමුත් උද්ඝෝෂකයන් බිම දමා පිළිස්සූ ජාතික කොඩිය මහින්ද රාජපක්ෂගේ කොඩියක් නොවේ. එය ශ්‍රී ලංකාවේ සිංහල මුස්ලිම් දෙමළ සහ අනෙක් සුළු ජාතීන් ද ආගම්ද නියෝජනය සංඛේතවත් කරමින් නිමවා දැනට ලොව පිළිගෙන තිඛෙන ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය ය. 
ශුද්ධ වස්තුවකි.

බහුතරයක් 
බ්‍රිතාන්‍ය
 පුරවැසියන්ව සිටින එම දෙමළ ජාතික උද්ඝෝෂකයන් තම කොඩිය ලෙස 
බ්‍රිතාන්‍ය කොඩිය හෝ ශ්‍රී ලංකාවේ කොඩිය නොපිළිගන්නවා විය හැකිය. ඔවුන් කොටියෙකු සහ අවි දෙකක් ද උණ්ඩද සහිත රතු පැහැ කොඩියක් තම කොඩිය ලෙස පිළිගන්නවා විය හැකිය. කිසිවෙකුට එහි ප්‍රශ්නයක් ද නැත. ඕනෑම කණ්ඩායමකට කොඩියක් හදාගෙන එය අපේ යැයි කියා කිව හැකිය. ලොව පාසැල්, බැංකු පමණක් නොව ප්‍රධාන ඝනයේ ව්‍යාපාරික සමාගම්ද තම තමන්ගේ කොඩි සාදා ගෙන තිබේ. අවශ්‍ය නම් තම පවුලේ පරම්පරාවටද කොඩියක් හදාගෙන පරම්පරාවේ වැඩ වලදී එය භාවිතා කළ හැකිය. 

නමුත් ජාතික කොඩියක් යනු එසේ නොවේ. මහින්ද රාජපක්ෂ සමග බොහෝ දෙනාට ප්‍රශ්න තිබේ. ඒ ඔහු ප්‍රජාත්නත්‍රවාදය, නීතිය, සාධාරණත්වය, පයිසෙකට හෝ මායිම් නොකර ගෙන යන ඒකාධිපති පවුල් පාලනය ගැනය. ඔහු මෙතෙක් කර ඇති නීති විරෝධී ක්‍රියා සැමකටම නීතිය මගින් ද
ඬුවම් ලැබිය යුතුය. එය වෙනම කාරණයකි. වර්තමානයේ පිළිගෙන තිඛෙන ජාතික කොඩිය මහින්ද රාජපක්ෂගේ කොඩියක් නොවන ජාතික වශයෙන් පිළිගෙන තිඛෙන, ගිනිතැබූ ජනතාව වූ දෙමළ ජනතාවද නියෝජනය කරන කොඩියකි. මොවුන් බ්‍රිතාන්‍යයේ මෙලෙස ගිනි තබද්දී ලංකාවේ ප්‍රධානතම දෙමළ ජාතික පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය එම ජාතික කොඩිය විපක්ෂය සමග එක්ව ඔසවන්නක් වීම සැලිකිල්ලට ගත යුත්තකි.

ශ්‍රී ලංකාව ජාතික සංහිඳියාවක විලි රුදාවෙන් පෙළේ. බි්‍රතාන්‍ය ජාතික දෙමළ ජනතාවට එවැන්නක් අවශ්‍ය නැතිදැයි දන්නේ නැත. නමුත් ශ්‍රී ලංකාව තුල සැබෑ ජාතික සංහිඳියාවක් බලාපොරොත්තු වන ශිෂ්ඨාචාරගත ශ්‍රී ලාංකිකයා යුධ අපරාධ මෙන්ම මෙම ක්‍රියාවද දැඩි ලෙස හෙළා දැකිය යුතුය.

ඊයේ සිදුකළ ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය බිමදමා ගිනි තැබීම අන්තවාදීය. වනචාරීය. ගෝති්‍රකය. 
බ්‍රිතාන්‍ය නීතිය අනුව නීති විරෝධීය. දඬුවම් ලැබිය යුතුය. එමෙන්ම චැනල් 4 රූපවාහිනිය මගින් එම අවස්ථාව ප්‍රචාරය කිරීමද එසේම ය. ඉදිරිපත් වන්නේ නම් චැනල් 4 ප්‍රචාරය නිසා හිත්වේදනාවට පත් වූවන්ට අනිවාර්යයන්ම වන්දි අයකර ගත හැකිය.

Share this article with your friends