Chitika Smowtion 468x60


Wednesday, July 4, 2012

ලංකාවේ සාර්ථක වූ ඇපල් වගාව


ඇපල් වගාවක් කී සැනින් අපට සිහිවන්නේ ඔස්ට්‍රේලියාව, ඒංගලන්තය වැනි ඉතා සෞම්‍ය, ශීත දේශගුණයන් පවතින යුරෝපා රටවල් වල ඇපල් වතුයි.

නමුත් මේ ඇපල් වගාව ඇත්තේ කොත්මලේ කඩදොර වටම්දොර ප්‍රදේශයේ යූ.ජී. සෝමදාස මහතාගේ ගෙවත්තේයි.

මෙතෙක් ලංකාවේ මෙලෙස ඇපල් වගාවක් සිදු නොවුන අතර කෑමට ගෙනා ගෙඩි කිහිපයකින් ලබාගත් බීජ පැල කරමින් මුලින්ම ඇපල් වගාව සාර්ථක වේදැයි අත්හදා බැලු සෝමදාස මහතා පවසන්නේ ඉතාමත් සාර්ථකව ලංකාව තුල ද ඇපල් වගා කල හැකි බවයි.

මෙලෙස පැල දෙකකින් පටන්ගත් ඇපල් වගාව මේ වනවිට රෝපනය කිරීම් ආරම්භ කර සාමාන්‍ය මුදලකට පැල විකිණීමෙන් අමතර ආදායමක් ලබා ගැනීම තෙක් වර්ධනය කරගැනීමට සෝමදාස මහතා සමත් වී තිබෙනවා.

මහවැලි ව්‍යාපෘතිය යටතේ තම ගම්බිම් අහිමු වූ සෝමදාස මහතාට මෙම කොත්මලේ ඉඩම ලැබී ඇත්තේ මුඩු බිමක් ලෙසිනි. මෙහි ඇති වඩා විශේෂ වූ කාරණය ද එයයි.

එලෙස මුඩුබිමක් ලෙස පදිංචි වූ ඉඩමේ මේ වන විට අක්කර භාගයක එළවළු කොරටුවක්, අක්කර කාලක ගෙවතු වගාවට්ක්, අක්කරයක පමණ තේ වගාවක් ලෙස සංවර්ධනය කරගෙන ඇත්තේ ඔහුගේම දැණුමින් විනා වෙනත් කිසිම කෙනෙකුගේ උපදෙස් මත හෝ පොතින් පතින් ලද දැණුමකින් නොවන බවයි සෝමදාස මහතා පවසන්නේ.

වැඩි දුර අදහස් දක්වක්න සෝමදාස මහතා

"මම පොඩි කාලේ ඉඳලම වගා කරන්න හරි ආසයි..මට ලැබුන මුඩු ඉඩමෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕන කියල හිතුවා. ඒ අනුව මම මගේ ඉඩමේ හැම දෙයක්ම වගා කළා..ඒ සියලු දේ වලින් සාර්ථක අස්වැන්නක් ලැබුවා..මගේ ළමයි මට දවසක් ගෙනත් දුන්න ඇපල් ගෙඩි වගයක්. මට හිතුන ඒ ගෙඩි වල ඇට අරන් පැලකරන්න ඕන කියල. ඒ අනුව මම ඒ සිතුවිල්ල ක්‍රියාවට නැගුවා. නියම විදියට සත්තු සප්පයාම් කරමින් මම ඇපල් වගාව දියුණු කරගත්තා. අද මම මේ පැල විකුණමින් අමතර ආදායමකුත් ලබනවා."


සෝමදාස මහතාගේ ඇපල් වගාවේ වීඩියෝවක් පහතින් බලන්න








Source: http://www.gossip9.com/2012/07/blog-post_5686.html#ixzz1zgD64Ytf

Share this article with your friends