Chitika Smowtion 468x60


Monday, January 28, 2013

ඇමති ධූර වෙනසක් - පරණ බූරු කුට්ටමම යලිත් අනයි (Sri Lanka President changes 10 ministerial portfolios in cabinet reshuffle)

ජයේ අමාත්‍යධූර සංශෝධනයක් අද සිදුවුණා. 

නව සංශෝධනය අනුව ඇමති ධූර කිහිපයක් වෙනස්වීමකට ලක්කර තිබෙන අතර අමාත්‍යවරුන් 10 දෙනෙක්, ව්‍යාපෘති අමාත්‍යවරුන් දෙදෙනෙක් හා නියෝජ්‍ය අමාත්‍යවරු 6 දෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේ අද දිවුරුම් දී තිබේ

අගවිනිසුරුවරියට ගෙන ආ දෝෂාභියෝගයේදී සැලකිය යුතු කාර්යභාරයක් සිදුකළ පවිත්‍රා වන්නිආරච්චි හට විදුලිබල අමාත්‍යධූරය ලැබී ඇති අතර චම්පික රණවකට තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය ධූරය ලැබී තිබේ

නව සංශෝධනය අනුව සීනි කර්මාන්තය සඳහා වෙනම අමාත්‍ය තනතුරක් ඇතිකර තිබේ. එමෙන්ම උද්භිද උද්‍යාන සඳහාද ඇමතිවරයෙක් සිටී. අධ්‍යාපනය වෙනුවෙන් සිටින ඇමතිවරයා පන්නා දැමීම වෙනුවට ඔහු සිටියදී තවත් නව ඇමති ධූරයක් ඇතිකර තිබේ

නව සංශෝධන අනුව අමාත්‍ය ධූර වෙනස්වී ඇත්තේ මේ ආකාරයටය.



අමාත්‍යවරුන්.

01- පවිත්‍රා වන්නිආරච්චි - විදුලිබල හා බලශක්ති
02- සුසිල් ප්‍රේමජයන්ත - පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය
03- දුමින්ද දිසානායක - අධ්‍යාපන සේවා අමාත්‍ය
04- අනුර ප්‍රියදර්ශන යාපා - ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය 
05- ලක්ෂ්මන් සෙනෙවිත්න -සීනි කර්මාන්ත අමාත්‍ය 
06- ලක්ෂ්මන් යාපා අබේවර්ධන - ආයෝජන ප්‍රවර්ධන
07- බෂීර් සේගුදාවුද් - ඵලදායිතා අමාත්‍ය 
08- ගාමිණී විජිත් විජයමුණිද සොයිසා -වනජීවි සම්පත් සංරක්ෂණ අමාත්‍ය
09- පාඨලී චම්පික රණවක - තාක්ෂණ, පර්යේෂණ හා පරමාණුක බලශක්ති
10- ජයරත්න හේරත් - උද්භිද උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු අමාත්‍ය

නියෝජ්‍ය අමාත්‍යවරුන්. 

01- එස්.එම් චන්ද්‍රසේන - ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය 
02- සුසන්ත පුංචිනිලමේ - ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
03- ෆයිසර් මුස්තාපා - ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
04- එම්.එල්.එම්. හිස්බුල්ලා -ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
05- ඒ.ආර්.එම් අබ්දුල් කාදර් - පරිසර පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය
06- සරත් කුමාර ගුණරත්න - ධීවර හා ජලජ සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය 

ව්‍යාපෘති අමාත්‍යවරුන්

01- රෝහිත අබේගුණවර්ධන - වරාය හා මහාමාර්ග
02- නිර්මල කොතලාවල - වරාය හා මහා මාර්ග




Source - http://www.gossip9.com/2013/01/blog-post_6747.html

Share this article with your friends