රිසානාගේ මළ සිරුර සෞදි වැලි යට වැළලේ
රිසානාගේ පවුලට නව නිවසක්
සෞදි ශ‍්‍රී ලංකා තානාපති යළි සිය රටට
රිසානා වෙනුවෙන් හඩ නගන්නේ සිංහලුන් පමණ ද ?
රිසානාගේ පවුලට නව නිවසක්
සෞදි ශ‍්‍රී ලංකා තානාපති යළි සිය රටට
රිසානා වෙනුවෙන් හඩ නගන්නේ සිංහලුන් පමණ ද ?
සෞදියේ දමාම් නගරයේ සේවය කළ රිසානා නෆීක් ගේ ගෙල සිඳ මරා දැමීමත් සමඟ කම්පාවට පත් ත්‍රිකුණාමලය, මුතූර් ඇතුළු ප්‍රදේශවල ජනතාව දහස් ගණනක් ඊයේ (10) ඇගේ නිවසට පැමිණ ඇගේ දෙමාපියන් සහ ඥතීන්ට සිය ශෝකය ප්‍රකාශ කළහ.
නමුත් 10 දිනයේ දී සෞදි ආරාබියේ දී ගෙල සිඳ මරා දැමු රිසානාගේ මළසිරුර මිහිදන් කළ බව ඒ රජය ප්‍රකාශ කලේය.
දිළිඳු බවේ අන්තයේ ජීවත් වන රිසානාගේ පවුලේ සාමාජිකයින් මේ වන විට දිළිඳු පැල්පතක කටුක දිවියක් ගෙවති. රිසානාගේ මරණයෙන් පසු තවත් පහතට වැටුණු මෙම අසරණ පවුලට ත්‍රිකුණාමලයේ මුතූර්හි නව නිවසක් ඉදිකරදීමට මහනුවර මහ නගර සභාවේ මහ නගර සභාවේ නගරාධිපති මහින්ද්‍ර රත්වත්තේ මහතාගේ ඇතුළු නිලධාරීන්ගේ අවධානය යොමුවී තිබේ.
මේ අතර රිසානා නෆීක්ට මරණ දඩුවම ලබා දීමට විරෝධය පළ කරමින් රියාද් නුවර සිටි සෞදි ශ‍්‍රී ලංකා තානාපතිවරයා සිය රටට කැදවා තිබේ.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කරුණාතිලක අමුණුගම සඳහන් කළේ සෞදි රජය ලක් රජය රිසානා නෆීක් නිදහස් කරන ලෙස කළ ඉල්ලීමට යහපත් ප‍්‍රතිචාර ලබානොදීමට විරෝධය පළ කරමින් මෙම තීරණය ගත් බවයි.
කෙසේ වෙතත් මෙලෙස සෞදි රජයට විරෝධය පළ කරමින් තානාපතිවරයා නැවත කැදවීම මගින් දැනටත් සෞදි යේ සේවය කරන දසදහස් ගණනක් ශ්‍රී ලාංකික සේවක සේවිකාවන්ට දැඩි අසාධාරණයක් සිදුවී ඇති බව පෙනී යයි.
කෙසේ වෙතත් මෙලෙස සෞදි රජයට විරෝධය පළ කරමින් තානාපතිවරයා නැවත කැදවීම මගින් දැනටත් සෞදි යේ සේවය කරන දසදහස් ගණනක් ශ්‍රී ලාංකික සේවක සේවිකාවන්ට දැඩි අසාධාරණයක් සිදුවී ඇති බව පෙනී යයි.
සෞදි අරාබියාවේ ශරියා නීතිය අනුව මරණ දඩුවම හිමිවූ රිසානා පිළිබදව ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාව මහ ලොකු හඩක් නොනැගීම ද ප්‍රහේලිකාවකි. ඒ ඔවුන් ශරියා නීතිය අනුව රිසානාට හිමිවූ දඩුවම සාධාරණ බව නොකියා කීම නිසාදැයි සිතිය හැක.