Chitika Smowtion 468x60


Sunday, February 3, 2013

යළි ඉපැදී සිටින ඩඩ්ලි සේනානායක මීළඟ රාජ්‍ය නායකයාද?


පසුගිය දිනක ජාතික පුවත්පතකවෙනස් ආකාරයේ පුවතක් පලවිය. රජයට සහය දක්වන පුවත්පතක් වන දිවයින පුවත්පතේ ජෝතිර්වේදියකු විසින් එවන ලද ලිපියක් මගින් පැහැදිලිකොට තිබුනේ ඩඩ්ලි සේනානායක මහතා යලි ඉපදී ඇති බවත් ඒ මහතා 2016 ශ්‍රී ලංකාවේ රාජ්‍යය නායකයා වනු ඇති බවය.

1974 දී රජරට ප්‍රදේශයේදී ඩඩ්ලි සේනානායක නැවත උපතලද ඇති බවත් දැන් වයස අවරුදු 39 ක් බවත් ඔහුගේ ඇති පුණ්‍ය මහිමයෙන් සියලු බාධා මැඩපවත්වා 2016 වසරේදී රාජ්‍ය නායකයා බවට පත්වී වසර 20 ක් දැහැමිව රට පාලනය කරන බව එම ලිපියෙන් දක්වා තිබුනේ ඉන්දියාවේ සෘෂි වරුන්ගේ නාඩි වාක්‍ය ඇසුරින් දැනගත් බව පවසමින්. 


එමෙන්ම එම සෘෂිවරුන් විසින් වත්මන් ජනපති මහින්ද රාජපක්ෂ පිළිබඳවද මෙසේ දැක්වෙයි

1945.11.18 වැනි දින ගිරුවාපත්තුවේ, නිල්ලතොට ආශ්‍රිත ප්‍රදේශයෙකදී (නිල්ලතොට යනු නිල්වලා ගඟ ආශ්‍රිත ප්‍රදේශයයි) උපත ලබන පර්සි මහේන්ද්‍ර රාජපක්‍ෂ නම් කුමරෙකු වර්ෂ 2005.12.31 දිනට ප්‍රථම ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකත්වයට පත් වී වර්ෂ 2009.07.30 වැනි දින පෙර එරට පවතින මහා යුද්ධය අවසන් කොට වර්ෂ 2016.04.07 පමණ වනතෙක්‌ රට පාලනය කරනවා ඇත යනුවෙන් එහි සඳහන්ව තිබේ.


මේ අනුව මෙම ලිපිය මගින් දැඩි කැළඹීමක් රජය තුල මෙන්ම ජනතාව තුලද ඇතිව ඇත්තේ නැවත ඉපිද සිටින ඩඩ්ලි සේනානායක කවුද යන්න විමසීමටයි. ඇතැම් විට එය රජයේ බුද්ධි අංශ වලට දැනමත් ලබා ඇති රාජකාරියක් විය හැකිය. 


තවත් සමහරුන් මත පළකරනුයේ මෙය එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය අංශයේ වැඩක් බවය. ඒ කෙසේවතත් 2016 ට ඇත්තේ තවත් අවරුදු තුනක කාලයක් පමණි. 





Source - http://www.gossip9.com/2013/02/Dudley-senanayake-reborn-in-1974.html

Share this article with your friends