Chitika Smowtion 468x60


Monday, February 4, 2013

ශ්‍රී ලංකාවේ නිදහස් දිනය ගුගල් doodles වෙත එකතු වෙයි - Google doodles on Sri Lanka Independence day



ලොව අංක එකේ සෙවුම් යන්ත්‍රය වන ගුගල් සෙවුම් යන්ත්‍ර සේවාව විසින් පවත්වාගෙන යන doodles සේවාව ඔස්සේ ශ්‍රී ලංකාවේ 65 වන නිදහස සංකේතවත් කොට තිබේ. 

ලොව වටා සැමට (ශ්‍රී ලංකාවද ඇතුළුව) www.google.lk මගින් පිවිසෙන විටත්, ශ්‍රී ලංකාවෙන් www.google.com වෙත පිවිසෙන විටත් මෙය දර්ශනය වන ලෙස සකසා ඇත.
ගුගල් doodle යනු ගුගල් සෙවුම් යන්ත්‍රයේ සලකුණ වෙනුවට වැදගත් දිනයන් හා උත්සව අවස්තාවන් වලදී ගුගල් සලකුණ එයට ගැලපෙන ආකාරයෙන් සකස් කරන්නාවූ සේවාවකි. එහිදී අපට ගුගල් වෙත වැදගත් අවස්තාවන් දිනයන් පිලිබඳ යෝජනා කල හැකි අතර ඔවුන් ඒවා සලකා බලා එයට ගැලපෙන නිර්මාණයක් සිදුකොට doodles ලෙසින් අන්තර්ජාලයට මුදාහරිනු ලබයි.


මෙයට මාස කිහිපයකට පෙර සිටම අන්තර්ජාලය පුරා නිදහස් දිනයේ ශ්‍රී ලාංකික නිදහස පිලිබිඹු කරන doodle නිර්මාණ කරන මෙන් ඉල්ලා ගුගල් වෙත ලිපි යවන ලෙස ඉල්ලා ප්‍රචාරය වූ අතර එයට මුලික වුයේ කවුරුන්දැයි අප නොදනිමු. 

නමුත් අද දිනයේ ඔවුන්ගේ සහ ගුගල් වෙත ඉල්ලීම් කල අන්තර්ජාල පරිශීලකයන්ගේ ප්‍රාර්ථනා ඉටුවී ඇත. 

ශ්‍රී ලංකාවේ නිදහස් දිනය ගුගල් doodles වෙත එකතු වූ ආකාරය බලන්න මෙතනින්.




Share this article with your friends