
අද (08) දින පැවැත්වෙන මෙම සංවත්සර උත්සවය සඳහා දෙමළ ඩයස්පෝරා නියෝජිතයන් මේ වනවිට දකුණු අප‍්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවරට ලඟාවී සිටින අතර ගෝලීය ද්‍රවිඩ සංසදයේ (GTF) ප‍්‍රධානත්වයෙන් මෙම සියලූ නියෝජිතයන් ශතසංවත්සර උත්සවයට සහභාගී වීමට නියමිතය.
රජය මෙම ආරාධනාව ප‍්‍රතික්‍ෂේප කිරීමේ යටි අරමුණ, උගත් පාඩම් හා සංහිදියා කොමිසමේ (LLRC) නිර්දේශයන් ක‍්‍රියාවට නැංවීමෙන් වැලකීසිටීම බව අප වෙත සඳහන් කළ විපක්‍ෂ මන්ත‍්‍රීවරයෙකු සඳහන් කර සිටියේ දකුණු අප‍්‍රිකානු රජය සහ අප‍්‍රිකානු ජාතික කොංග‍්‍රසය, සංහිදියා කොමිසමේ නිර්දේශයන් ක‍්‍රියාත්මක කරවා ගැනීමට ජාත්‍යන්තර වශයෙන් සිදුකරන්නාවු බලපෑම මින්පසු නොසලකා සිටීමට මේ තත්ත්වය යටතේ රජයට හැකිවන බවයි.
Source : lankanewsweb.com