Chitika Smowtion 468x60


Sunday, January 8, 2012

මර්වින්ගේ ඩොනල්ව පැහැරගෙන ගිහින්


මර්වින් සිල්වා අමාත්‍යවරයාගේ සමීපතම ගෝලයකුවන පානදුරේ ඩොනල් නොහොත්, මාලිගාවත්තේ ඩොනල් නැමැත්තා අද(7) උදැසන නාදුනන පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇතැයි වාර්තාවේ. පානදුරේ සිට කොළඹට එමින් සිටියදී මොරටුව ප‍්‍රදේශයේදී මෙම පැහැරගෙන යෑම සිදුවී ඇත. 

මර්වින් සිල්වා අමාත්‍යවරයාගේ මග පෙන්වීම මත මහා පරිමානයේ කප්පම් ව්‍යාපාරවල යෙදුණු පිරිස් පසු පස හඹායන ආරක්ෂක ලේකම්වරයාගේ ‘අතුරුදහන් කිරීමේ - සුදුවෑන් ඒකකය’ විසින් මෙම පැහැරගෙන යෑමට සිදුකර ඇතැයි පැවසේ.


මර්වින් සිල්වා ඇමතිවරයාගේ බලතල යොදා ගනිමින් කොළඹ වරායේ වෙන්දේසිවලට පැමිණෙන ගැනුම්කරුවන් ගෙන් පානදුරේ ඩොනල් කප්පම් ගන්නා බවට ආරක්ෂක අමාත්‍යාංශ වෙත වාර්තා වී තිබූ බවත්, වහාම කප්පම් ගැනීමෙන් වලකින ලෙස ආරක්ෂක ලේකම්වරයා කිහිපවරක්ම ඔහුට දැනුම් දී තිබූ බවත් එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප කළ විමසීමේදී පැවසීය.  

පසුගිය දිනකදී ඔඩෙල් සාප්පු සංකීර්ණය අසලදී මොහුව පැහැරගෙන යෑමට කිසියම් පිරිසක් උත්සාහ දරා ඇතත් අවට සිටි මිතුරන්ගේ සහයෙන් ඔහු එම ස්ථානයෙන් පලා ගොස් තිබිණ. 

කෙසේ  වුවද මීට පෙර පැහැරගෙන ගොස් පසුව මුදාහල මර්වින් ඇමතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් අමල් රොද්‍රිගූ නැමැත්තා විසින් කරන ලද හෙළිදරව් කිරීම මත ඇමතිවරයා සමඟ කප්පම් ව්‍යාපාරයේ යෙදුන තවත් පිරිසක් ළඟදීම අතුරුදහන් කිරීමට නියමිතය.

කැලණිය ප‍්‍රදේශීය සභාවේ සභාපති ඇතුළු සන්ධාන මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකුම එම අතුරුදහන් කිරීමේ ලැයිස්තුවට ඇතුළත්ව සිටි අතර ඔවුන් ආරක්ෂක ලේකම්වරයා හමුවී ඇමතිවරයාගේ සියලූ රහස් ගනුදෙනු හෙළිදරව් කොට, ‘ඇප’ ලබාගෙන තිබේ. 

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී එම ප‍්‍රදේශීය සභාවේ සන්ධාන මන්ත‍්‍රීවරයකු අප වෙත පැවසුවේ පාතාලය හා කප්පම්කරුවන්ට එරෙහිව ආරක්ෂක ලේකම්වරයා විසින් ආරම්භ කර ඇති මෙහෙයුමට අදාළ සමහර තොරතුරු ජනාධිපතිවරයා පවා නොදන්නා බවයි. මර්වින් සිල්වා ඇමතිවරයාට එරෙහිව බරපතල චෝදනා තිබුණද ඔහුට කිසිදු හිරිහැරයක් නොකරන ලෙසද ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම්වරයාට දැනුම් දී ඇතැයිද හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේය.     






Source : lankanewsweb.com

Share this article with your friends