Chitika Smowtion 468x60


Sunday, January 8, 2012

සත්‍ය වෙනුවෙන් කැප වූ ‘ලංකාවේ සත්‍ය’


ලංකාවේ සත්‍ය LankaTruth නමින් සයිබර් අවකාශයේ පුරා වසර 10ක කාලයක් ජනතාවගේ පුවත් පිපාසය සංසිඳුවාලමින් ලංකාවේ පැරණිතම යාවත්කාලීන පුවත් වෙබ් අඩවිය බවට පත්වූ ‘ලංකා ටෲත්’ වෙබ් අඩවියට අපගේ හෘද්‍යාංග සුභාසිංශන පුදකර සිටිමු.
‘ලංකා ටෲත්’ වෙබ් අඩවිය තම දසවසරක කැපවීම සමරමින් නිකුත් කර ඇති නිවේදනයක් පහත පළවේ.


‘‘ගෙවුනු දසවසර අප පෙනුමෙන් වෙනස් වූයෙමු. සත්‍ය වෙනුවෙන් වූ කැපවීම කිසිදා වෙනස් නොකළෙමු’’
මිනිසුන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා මූලික මිනිස් අයිතිවාසිකම් අහිමිවී ඇති මෙවන් මොහොතක එය ලොවට හෙළිදරව් කරන අපටද චරපුරුෂ මෙහෙයුම් හා තර්ජන ගර්ජනද එල්ලවෙමින් පවතින මෙවන් මොහොතක ඒ සියල්ල අපගේ ඉදිරි ක‍්‍රියාකාරීත්වයට ශක්තියක් එක් කරගනිමින් ඉදිරියට යන්නෙමු.

සහෝදර මාධ්‍ය ආයතන මර්ධනයන්ට හා වාරණයන්ට එරෙහිවත් සහෝදර මාධ්‍යවේදීන් මරාදැමීම්, අතුරුදහන් කිරීම්, කිසිඳු චෝදනාවක් නැතිව සිරගත කිරීම් හා පහරදීම් වලට එරෙහිව අප සයිබර් අවකාශය තුළ හ`ඩ නැගුවෙමු. පොදු සමාජයේ ජනතා හ`ඩට කන්දී එය වාර්තා කළෙමු. දකුණේ ජනතාවගේ මෙන්ම උතුරේ ජනතාවගේ හ`ඩද අපි විසින් වාර්තා කළෙමු.

මෑතකදී කුමන්ත‍්‍රණකාරී කල්ලියක සයිබර් ප‍්‍රහාරයකට ගොදුරුවීමටද අපට සිදුවිය. ඒ අප විසින් වසර 10ක් තුළ එකතු කළ දත්ත ඔවුන් විසින් සොරාගැනීමයි. එම දත්ත වෙනත් වෙබ් අඩවියකට ඇතුළත් කර ඇත. රාජ්‍ය මර්ධනයට මුහුණ දෙමින් දෙපයින් සිටගෙන සිටින අපට එය බාධකයක් නොවේ. එයින් අප පන්නරය ලබමින් සිටිමු.

සත්‍යයේ ධජය ඔසවාගෙන ජයග‍්‍රහණය කරා යන ගමනක් ඔබ, අප සතුව පවතී. අපගේ ගමන්මග ශක්තිමත් කිරීමට සහෝදර ඔබගේ සුභ පැතුම් සහෝදරත්වයෙන් අපි බලාපොරොත්තු වෙමු.
ස්තූතියි
ලංකා ටෲත් කතු මඩුල්ල
http://www.lankatruth.com/sinhala/images/stories/demo/article/LT/lt_ad.jpg

අවසන් යාවත්කාලීන කිරීම 2012 ජනවාරි 08 වෙනි ඉරිදා,  01:04

Share this article with your friends