Chitika Smowtion 468x60


Sunday, January 8, 2012

අධිවේගයේ ගිය වෑන් රියට කලින් ඉන්ටර්සිටියේ ගාල්ලට ගිහින්


කොළඹට ආසන්න කාර්යාලයක සේවය කළ මේ පිරිස එදින සූදානම් වූයේ තම හිතවතකුගේ ඥාතියකුගේ මළ ගෙදරක යෑමටයි. අවමඟුල් නිවෙස තිබුණේ ගාල්ලේය. අවසන් කටයුතු යෙදී ඇත්තේ පස්වරු තුනටය.
අපි වරුවක් වැඩ කර වරු බාගයක් නිවාඩු ගනිමු  මෙහෙන් දහවල් 1ට ගියත් සවස 3 ට  අධිවේගී මාර්ගෙන් ගාල්ලට යන්න විනාඩි ගණනයි යන්නේ” ඔවුන්කතා කර ගත්තේ එලෙසිනි.
කතා කර ගත් පරිදි පිරිස එක්වූයේ කොටුවේ දුම්රියපළ ළඟටය. කුලියට ගත් වෑන් රිය ද නියමිත වේලාවට එතැනට ආවේය. නමුත් පොඩි ගැටලූවකට තිබුණේ වෑන් රියේ අසුන් ගත හැකි පිරිසට වඩා වැඩියෙන් හතර දෙනකු ගමනට පැමිණ සිටීමයි.

”ආසන ගණනට වඩා නම් අරන් යන්න බෑ. අධිවේගී පාරේ මාර නීති. ගණනට විතරයි පටවන්න පුළුවන්” වෑන් රියේ රියැදුරා ද බර බරේ දාන්නට පටන් ගත්තේ පිරිස වැඩි බව දුටු විටය.
මළ ගෙදරට සියල්ලන්ටම යන්නත්  ඕනෑය. හතර දෙනෙකු මහ මග දමා යන්නත් බැරිය.
මේ ගැටලූව අස්සේ එතැන නතර කළේ මාතර බලා යන සුඛෝපභෝගී බසයකි.
”ආ අපි අර බසයේ එන්නම්. ඔය ගොල්ලො වෑන් එකේ එන්න. අපි  ඕනෑ නම් ටිකක් පරක්කු වෙයි. කමක් නෑ ඔයගොල්ලො මේ බව ඒ අයට කියන්නකෝ” යැයි කී හතර දෙනෙක් ”ඉන්ටර්සිටියට” දුව ගොස්  එහි අසුන් ගත්හ.
අධිවේගී මගෙන් යාමට සිටි අය ඇස්වාට්ටුව හරහා තිඹිරිගස්යාය, නුගේගොඩ, මහරගම ඔස්සේ කොට්ටාවට යන්නට වූහ.
කෙසේ හෝ පස්වරු එකට කොටුවෙන් පිටත් වූ වෑන් රිය කිරුළපන, නුගේගොඩදී වාහන තදබදයට හසුවී පමා විය. දෙල්කදින් යළිත් වාහන තදබදයට මැදිවිය. මේ අය කොට්ටාව අධිවේගී පිවිසුමට ළඟා වද්දී පස්වරු 2.30ත් පසුවී තිබිණි.
ඉන්ටර්සිටියේ ගිය හතර දෙනා මළ ගෙදරට ගොස් වටපිට විපරම් කරමින් සෙවුවේ අධිවේගයෙන් පැමිණි අයයි. මක් නිසාද යත් මේ වන විට ඔවුන් එතැනට පැමිණ බොහෝ වේලාවක් ගත වන්නට ඇතැයි ඔවුන් සිතු නිසාය. එහෙත් ඒ අය පැමිණි වෑන් රිය අසලකවත් නැති බව දුටු ඔවුහු දුරකතන ඇමතුමක් දුන්නේ ඔවුන්ගේ ප‍්‍රමාදයට හේතුව දැන ගැනීමටය.
”අපි තාම මග එනවා. තව විනාඩි පහළොවක් විස්සක් විතර යයි” ඒ ඔවුන්ගෙන් ලැබුණු පිළිතුර විය.
ලැබුණු පිළිතුරින් අන්දමන්ද වූ සිවු දෙනා ”ඒ මොකද පරක්කු වුණේ” යැයි විමසූහ. හාවගෙයි ඉබ්බගෙයි තරගෙ වගේ යැයි ද කීහ. ”පරක්කු නැන්ද? දිගටම වාහන තදබදේ. ඔවුහු පිළිතුරු දුන්හ.
කොළඹ සිට පැයෙන් ගාල්ලට යන්න  ඕනෑ නම් කොට්ටාවේ පදිංචිවෙලා ඉන්න  ඕනෑ. නැත්නම් වාත වේගයක් වෙනවා” යැයි අධිවේගයේ යමින් ඔවුහු අර හතර දෙනාට පිළිතුරු දුන්හ.



Share this article with your friends