Chitika Smowtion 468x60


Tuesday, January 10, 2012

ෆ්‍රෙඩ්රිකාගේ භීතිකාව


පෙම්වතිය බලන්න ආ නාවික සෙබලා අමාරුවේ 

සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ෆ්‍රෙඩ් රිකා ජෑන්ස් පසුගියදා තමා පසුපස පැමිණියායි කියන නාවික සෙබලෙකු පිලිබඳ පොලිසියට පැමිණිල්ලක් සිදුකර ඇත.

පසුගියදා මිරිහාන පොලිස් බල ප්‍රදේශයට අයත් මාර්ගයකදී කිසියම් පුද්ගලයකු තමා පසුපස ලුහුබැඳ පැමිණි බව ඇයට දැනුන අතර මේ පිළිබඳ ඇය පොලිසියට පැමිනිළි කළා.

වහාම ක්‍රියාත්මක වුණු පොලීසිය විසින් එම සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගත් අතර ඔහු ගංගොඩවිල මහේස්ත්‍රාත් හමුවකට ඉදිරිපත් කරන ලදුව ලබන 16 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා.

පසුව හඳුනාගනු ලැබුවේ ඔහු ත්‍රිකුණාමලයේ සේවය කරන නාවික හමුදා සෙබලෙකු බවයි. මෙම නාවික හමුදා සෙබලා නිවාඩුවකට කොළඹ පැමිණ ඇති අතර සිය පෙම්වතිය බලන්නට යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදීයි මෙලෙස ෆ්‍රෙඩ්රිකාගේ පැමිනිල්ල මත අත් අඩංගුවට පත්වී තිබෙන්නේ. 


නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක,කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය මහතා කියා සිටියේ පොලීසියට බලවත් අත්වැරැද්දක් සිදුව ඇති බවයි.

ෆෙඩ්රිකා ජෑන්ස් මහත්මිය වෙත අසභ්‍ය වදනින් බැන වැදුනු ලිපියක් මීට පෙර ඇයට ලැබුන අතර එහි කියා තිබුනේ උසාවිය හමුවේ බොරු සාක්ෂි ලබා දුන්නාට පලිය ගන්න බවයි.






Source: http://www.gossip9.com/2012/01/blog-post_4391.html#ixzz1j3946mhK

Share this article with your friends