Chitika Smowtion 468x60


Tuesday, January 10, 2012

ටාටා නැනෝ රථයටත් වඩා මිල අඩු මෝටර් රථයක් බජාජ් වෙතින්


ලක්ෂ 4 - 6 අතර මිලකට ලබාගතහැකි බජාජ් රිය  


ත්‍රිරෝද රථ හා යතුරු පැදි සඳහා ප්‍රකට ඉන්දීය බජාජ් සමාගම ටාටා නැනෝ රථයටත් වඩා මිල අඩු මෝටර් රථයක් නිපදවා තිබෙනවා.

RE60 ලෙස නම් කර ඇති මෙහි නිශ්පාදන කටයුතු ලබන මාසයේ ආරම්භ කරන බවයි වාර්තා වන්නේ.


මීට පෙර අඩු මිලට නිපදවූ ටාටා නැනෝ රථය අසාර්ථක ව්‍යාපෘතියක් වුනු අතර බජාජ් සමාගම විසින් නිපදවූ මෙය ඔවුන්ගේ රෝද හතරේ පලමු වාහනය වෙනවා.

බජාජ් සමාගම වසරකට ත්‍රීවීල් ලක්ෂ 5.2ක් පමණ නිපදවනු ලබන අතර ඒවායින් ලක්ෂ 2ක් පමණ ඉන්දියාවේ වෙළඳ පොළටද ඉතිරිය වෙනත් රටවලට අපනයනය කරනු ලබනවා.

මෙම මෝටර් රථය නිෂ්පාදනය කිරීමෙන් පසුව මුල්වරට ශ්‍රී ලංකාවේ වෙළඳපොළ වෙත හඳුන්වාදීමටයි ඔවුන් බලාපොරොත්තු වන්නේ. පසුව අප්‍රිකානු වෙළඳ පොළට හඳුන්වා දීමටත් බලාපොරොත්තුවෙන් සිටිනවා. 


ආසන හතරකින් සමන්විත මෙම රථයට පැයකට කිලෝ මීටර් 70 ක වේගයකින් යා හැකි වනවා. පහත දැක්වෙන්නේ එම මෝටර් රථය පසුගියදා නවදිල්ලි නුවරදී එළිදැක්වූ අවස්ථාවේ ගත් ජායරූප කීපයකි.














Source: http://www.gossip9.com/2012/01/blog-post_8347.html#ixzz1j3AjHV3o

Share this article with your friends