Chitika Smowtion 468x60


Friday, February 24, 2012

රජයේ "ස්පයි" වැඩ ගැන මංගල හෙළි කරයි


  • පුද්ගලයන් 687 දෙනෙකුගේ දුරකථන ටැප් කරනවා 
  • වෙබ් අඩවි පුවත් නිරීක්ෂණයට අරලියගහ මන්දිරයේ වෙනම නිලධාරිනියක් 
  • තාක්ෂණික සහය HUAWEI හා ZTE වෙතින්
රජය විසින් රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් රජයේ හා විපක්ෂයේ මැති ඇමතිවරුන්ගේ ඊ- මේල් කියවීමට හා සක්යිප් ටැප් කිරීම චීනයේ සමාගම් ආධාර ඇතිව සිදු කරන බව අප ඔබට මින් පෙර ලිපි දෙකක් මගින් හෙළිකර සිටියා.

මේ පිලිබඳ දීර්ඝ විස්තරයක් ඊයේ දිනයේ පාර්ලිමේන්තුවෙඩි පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර විසින් හෙළිකරනු ලැබුවා.

පහතින් දැක්වෙන්නේ එම කතාවේ කොටස් කිහිපයකි. 

දුරකථන වලට සවන් දීම, හොරෙන් ඇහුම්කන් දීම හා ඒවා නියාමනය කිරීම බොහෝ රටවල් විවින් සිදු කරනු ලැබුවත් ඔවුන් ඒවා සිදු කරනු ලබන්නේ ජාත්‍යන්තර නීති රීති වලට අනුවයි.
නමුත් මේ රජයේ තත්ත්වය ඊට වඩා වෙනස්‌.

දුරකථනවලට හොරෙන් සවන්දීම,පුද්ගලික ඊ-මේල් කියවීම,වෙබ් අඩවි නියාමනය කිරීම මේ ආණ්‌ඩුව සිදු කරනු ලබන්නේ නීතියටත් පිට ගිහින්.මා මේ කරුණු ඔබට හෙළි කරන්නේ සම්පුර්ණ වගිකමක් සහිතවයි.
ඒ වගේම නවීන තාක්ෂණික ක්‍රම උපයෝගී කරගනිමින් රජයේ දුෂණ වංචා හෙළිකරන වෙබ් අඩවි අවහිර කිරීමට කටයුතු යොදා තිබෙනවා.

අරලියගහ මන්දිරයේ විශේෂ නිලධාරිනියක් ඉන්නවා.අනෝමා ලාෆීර් කියලා.ඇය වොෂින්ටන් හි ශ්‍රී ලංකා තානාපතිවරයාගේ නැගණියයි.

ඇගේ ප්‍රධානම කාර්ය වන්නේ සෑම උදෑසනකම වෙබ් අඩවි වල පලවන පුවත් නිරීක්ෂණය කිරීම සහ ඇයගේ තීරණ මත වෙබ් අඩවි තහනම් කිරීම හා අවහිර කිරීමයි.මා මේ මොහතේදී සරත් අමුණුගම මහතාටවත් වෙනත් අමාත්‍යංශයකටවත් චෝදනා කරන්නේ නැහැ.

ඔවුන්වත් මේ පිලිබඳ දන්නේ නැහැ.නමුත් මම වගකීමෙන් කියන්නේ අපගේ පෞද්ගලිකත්වය හා මානව හිමිකම් ආරක්ෂක අමත්‍යංශය විසින් උදුරාගෙන තිබෙනවා.

මේ රටේ පුද්ගලයන් 687 දෙනෙකුගේ දුරකතන සංවාද වලට රජය දිනපතා හොරෙන් සවන් දෙනවා. මට සහතික වෙන්න පුළුවන් ඔබ මේ ලැයිස්තුව දැක්කොත් පුදුමයට පත්වෙයි මෙහි ඇති නම් දැකලා.

ඔවුන් කිසිසේත්ම ත්‍රස්තවාදීන් නෙවෙයි.ඒ අතර ආගමික නායකයන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් හා පුවත්පත් කතුවරුන් සිටිනවා.

මෙහි වැදගත් දේ තමා රජයේ අමාත්‍යවරුන් 102 නෙකුත් මෙම ලයිස්තුවේ සිටීම.ඉන් 29 ක් කැබිනට් අමාත්‍යවරු.රාජ්‍යය ආරක්ෂක අමාත්යංශය විසින් මෙය සිදුකරන්නේ.

මේ සඳහා තාක්ෂණික සහය සපයන්නේ HUAWEI සහ ZTE විසින්.ඔවුන් ටෙලිකොම් විසින් ක්‍රියාත්මක කර ඇති ෆයිබර් ඔප්ටික් ජාලය එලීමේ අයි ශ්‍රී ලංකා ව්‍යාපෘතිය ඔස්සේ මෙම සමාගම් වෙත මෙම කටයුතු කිරීමට බිලියන තුනකට ආසන්න මුදලක් ලබාදී තිබෙනවා.

HUAWEI හා ZTE සමාගම් උදව් කරනවා මධ්‍යම ආසියාවේ රජයවල්වලට තම බලය රඳවා ගන්න.මෙය මානව හිමිකම් කඩකිරීමක්‌.

සම්පුර්ණ කතාව පහතින් බලන්න 





Source: http://www.gossip9.com/2012/02/blog-post_9426.html#ixzz1nIN73W71

Share this article with your friends