Chitika Smowtion 468x60


Friday, February 24, 2012

සරත් ෆොන්සේකා වෙනුවෙන් ධවල මන්දිරයට අත්සන් කල පෙත්සමට පිළිතුරක්


සරත් ෆොන්සේකා මහතා දේශපාලන සිරකරුවෙක් බව ඇමරිකානු රජය පිලිගනී .
 
ශ‍්‍රී ලංකාවේ ජනතාවට නිදහස් අදහස් දැක්වීමටත් බියෙන් තොරව ජීවත්වීමටත් ඇති අයිතීන්ට ඉඩ දෙන්න.

පසුගියදා හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිදහස් කරගැනීම උදෙසා ධවල මන්දිරයේ "වී ද පීපල් " හරහා ඉදිරිපත් කල පෙත්සමට නියමිත කාලය ඇතුලතදී අත්සන් 25,000 ඉක්මවූ ප්‍රමාණයක් ලැබී තිබුණා. මේ අනුව ඇමරිකානු රජයේ නීතිඥයකු වන අමෙරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කාර්යාංශයේ සහකාර ලේකම් මයිකල් එච්. පොස්නර් මහතා විසින් ඒ සඳහා පිළිතුරු දී තිබෙනවා.

අන්තර්ජාල පෙ
ත්සම සඳහා දායක වූ සැමට ඊමේල් පණිවුඩයක් මඟින්ද එය දන්වා තිබෙන අතර අන්තර්ජාල පෙත්සමට අත්සන් ලබාදුන් ධවල මන්දිර වෙබ් පිටුවේද එය දැක්වෙනවා.

ඒ අනුව සරත් ෆොන්සේකා මහතා දේශපාලන සිරකරුවෙකු බව ඇමරිකානු රජය නිලවශයෙන් පිළිගෙන තිබෙන අතර. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් 2010 වසරේ දී ශ්‍රී ලංකාව පිළිබඳව නිකුත් කරන ලද වාර්තාව මගින් සරත් ෆොන්සේකා මහතා දේශපාලන සිරකරුවෙකු ලෙස නම්කරන ලද බව ද ඔහු පෙන්වා දී තිබේනවා.


ශ‍්‍රී ලංකාවේ නීතියත් උල්ලංඝනය කරමින් ඔහුට දඬුවම් දීමට අධිකරණ ක‍්‍රියාවලියක් පාවිච්චි කිරීම ගැන ඇමරිකාව කනස්සල්ල පළ කරන බව එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය කම්කරු සහ මානව හිමිකම් පිළිබඳ සහකාරලේකම් මයිකල් පොස්නර් මහතා විසින් එම පෙත්සමට ප‍්‍රතිචාර දක්වමින් නිකුත් කර ඇති නිවේදනයේ දැක්වෙනවා.

පෙත්සමට අත්සන් කළ ජනතාට ඇමරිකානු රජයේ ස්තූතියද පළ කර ඇති අතර ශ‍්‍රී ලංකාවේ ජනතාවට නිදහස් අදහස් දැක්වීමටත් බියෙන් තොරව ජීවත්වීමටත් ඇති අයිතීන්ට ඉඩ දෙන ලෙසත් ජාත්‍යන්තර නීතියට ගරුකරන ලෙසත්ඇමරිකාව ශ‍්‍රී ලංකා රජයෙන් දිගින් දිගටම ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින බවද එම නිවේදනයේ දැක්වෙනවා.


එම නිවේදනය බලන්න මෙතනින්  




Source: http://www.gossip9.com/2012/02/blog-post_4526.html#ixzz1nIBmup4f

Share this article with your friends