Chitika Smowtion 468x60


Friday, February 24, 2012

සිරිධම්ම හිමියන්ගේ උපන්දිනය අද


පිටිදූවේ සිරිධම්ම හිමියන්ගේ උපන්දිනය පෙබරවාරි 24 වෙනිදා වන අදට යෙදී තිබෙනවා. 

පසුගිය අවුරුද්දේ උන්වහන්සේගේ උපන්දිනය වෙනුවෙන් සකක් කල විශාල කේක් ඒකක ජායාරූපයක් මීට පෙර අප විසින් පලකළා.

හය හත්සීයකට පමණ කන්න පුළුවන් උපන්දින කේක් එකක් සෑම අවුරුද්දකම එම ආශ්‍රමයේ සාදන බවයි උන්වහන්සේ පසුගිය ඉරිදා රන්දිව පුවත්පතට පවසා තිබෙන්නේ.

ස්වාමීන් වහන්ස, මේ මාසය ඔබ වහන්සේට සුවිශේෂ වූ මාසයක්. ඊට හේතුව මේ මස 24 වැනිදාට ඔබ වහන්සේගේ උපන්දිනය යෙදී තිබීමයි. පසුගිය කාලයේ ඔබ වහන්සේ කේක් ගෙඩියක් කපමින් උපන්දිනය සැමරූ අයුරු දැක්වෙන ජායාරූපයක් ප්‍රසිද්ධ කර තිබුණා. භික්ෂූන් වහන්සේ නමකගේ උපන්දිනය සැමරිය යුතු යම් නීතියක් හෝ සම්ප්‍රදායක් තිබේද?

මෙන්න එම විදිහට භික්ෂුවකගේ උපන්දිනය සැමරිය යුතුයි කියලා විනය නීති කොහේවත් නෑ. භික්ෂුවක් කියන්නේ පොදු කෙනෙක්. ඔහු හැමෝටම අයිතියි. එතකොට භික්ෂුවකගේ උපන්දිනය සමරනවා නම් එය සියළුදෙනාගේ යහපත පිණිසම සිදුවිය යුතුයි. එහෙම වුනොත් පමණයි එය යහපත් දෙයක් වෙන්නේ.

අපේ ආශ්‍රමයේ උපන්දිනේ තියන දවසට මෙහේ ඉන්න දායක පිරිස විශාල උපන්දින කේක් එකක් හදනවා. ඒක සාමාන්‍යයෙන් හය හත්සීයකට කන්න පුළුවන්. කවදාවත් මම ඒ කේක් එක කපන්නේ නෑ. ඒක කපන්නේ වෙන කෙනෙක්. මම ඒ කේක් එකෙන් කෑල්ලක් කන්නේ ඒ ඉන්න සියළු දෙනාටම දීලා ඉතුරු වුනොත් පමණයි.

නමුත් සාමාන්‍ය උපන්දින සාදයකදී මුලින්ම උපන්දිනය තියන කෙනා ඒක කපලා එයා මුලින්ම කනවා. ඒක සුද්දන්ගේ සම්ප්‍රදාය. අපේ සම්ප්‍රදාය සියළු දෙනාටම බෙදලා ඉතිරි වුනොත් කෑම. ඒක බෝධිසත්ව සම්ප්‍රදාය. මෙවරත් අපි ඒ විදිහටම උපන්දිනය සමරනවා. මම හිතන්නේ ඒ ගැන මුලින්ම කියලා තියන එක හොඳයි. එතකොට එක එක කතා කියන අයට මෙහෙට ඇවිල්ලා ජායාරූප අරගන, මෙවරත් ඒක හුඟක් හොඳට පළකරන්න කියලා මම විවෘත ආරාධනාවක් කරනවා.

ස්වාමීන්වහන්ස, උපන්දින කේක් කැපීමෙන් එහාට ගිය, බුද්ධ ශාසනය වෙනුවෙන් යම් කිසි මෙහෙවරක් භික්ෂූන් වහන්සේ නමකගේ උපන්දිනය සමරමින් කළ නොහැකිද?

අපි ආශ්‍රමයේ නිරන්තරයෙන් පවත්වනවා "විමුක්ති මාවත" කියලා වැඩමුළුවක්. ඒ වැඩමුළුවේ අළුත් වැඩමුළුව මාර්තු 10 පැවැත්වෙනවා. මම ආරාධනා කරනවා මේ සියළුදෙනාට ඒ සඳහා සහභාගී වෙන්න කියලා. 0773847773 දුරකතන අංකයට කතාකිරීමෙන් ඒ පිළිබඳ විස්තර ලබාගත හැකියි. ඒ වැඩමුළුවට පැමිනෙන අය ධර්මය හොඳට ප්‍රගුන කල අය. අපි මෙවර කල්පනා කළා ඉන් විවාහ නොවූ තරුණ කොටසක් ඔවුන්ගේ කැමැත්ත ඇතිව තාවකාලිකව පැවිදි කරවන්න

මොකද අපි මේ දහමට එකතුකරගන්න ඕනේ වයසට ගිය මැරෙන්න ඔන්න මෙන්න ලංවුන වයෝවෘද්ධ ආච්හි අම්මලා මුත්තලා නෙවෙයි තරුණ පිරිස තමයි අපි එකතු කරගත යුත්තේ.

මේ සඳහා තාවකාලික පැවිද්ද ලබාදෙන්නේ කොපමන කාලයකටද?
අපි ඒක සතියක කාලයකට පමණ සීමා කර තිබෙනවා. රටේ ඉන්න අධික කාර්යබහුල පුද්ගකයන්ට ජීවිත කාලයට පැවිදිවෙලා ඉන්න බැරි අයට මේක හොඳ අභ්‍යාසයක්

එම සම්පූර්ණ සාකච්ජාව මෙතනින්.

පහතින් දැක්වෙන්නේ පසුගිය අවුරුද්දේ උන්වහන්සේගේ උපන්දිනය වෙනුවෙන් සකක් කල බර්ත්ඩේ කේක් එකේ ජායාරූපයකි.





Read more: http://www.gossip9.com/2012/02/blog-post_9135.html#ixzz1nIDzXbhw

Share this article with your friends