Chitika Smowtion 468x60


Friday, February 17, 2012

ලුණුගම්වෙහෙරින් මතුවූ මැණික් ඉල්ලම


නිල් මැණිකෙන් මතුවූ වාසනාව 
ලුණුගම්වෙහරපාරක් සැදීම සඳහා ගෙනගොස් දැමු බොරළු පස් තුල තිබු නිල මැණිකක් හමුවීමක් සමග එම ප්‍රදේශය නොසන්සුන්වී ඇත.


ඒ අනුව තවත් මැණික් සෙවීමේ අරමුණිනලුණුගම්වෙහර ප්‍රදේශවාසින් පමණක් නොව ලංකාව පුරා සිටින මැණික් ව්‍යාපාරිකයන් සිය ප්‍රාඩෝ මොනේටෙරෝ බෙන්ස් රථ වලින් ලුණුගම්වෙහර කරා ලඟාවිය.

ඉන්පසුව පාර දෙපසට දමා තිබු බොරළු ගොඩවල් හෙවත් මැණික් ඉල්ලමෙහි වාසනාව සොයා ගිය බොහෝ දෙනෙකුට විවිධ මැණික් ගල් හමුවී ඇත.මහාපරිමාණ මැණික් ව්‍යාපාරිකයන් එම ස්ථානයේදීම මැණික් මිලදීගැනීමට කටයුතු යොදා තිබුණි. 

ඇමැතිත් මැණික් ඉල්ලමට අත ගසයි 
මෙසේ මැණික් ගල් හමුවීමත් සමග අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය විජේමුණි සොයියා සිදුකලේ දහවල් කාලයේ ඉල්ලම් සොයන පුද්ගලයන් හමුදාව ලවා මර්ධනය කිරීමයි.

එනුව මැණික් ඉල්ලම් සෙවූ පුද්ගලයන් කිහිප දෙනෙකුට රාත්‍රියේ ප්‍රහාරද එල්ල විය. නමුත් රාත්‍රී කාලයේදී අමාත්‍යවරයාගේ ටිපර් රථ ගෙනවිත් එම බොරළු පස් එතුලට දමාගෙන යාමට විජිත් විජිතමුණි සොයියා අමතක කලේද නැත.

පසුව මෙම සිදුවීම මාධ්‍යය මගින් අනාවරණය වීම නිසා ඊයේ දිනයේ මාධ්‍යයට නිවේදනයක් සිදුකරමින් එතුමා කියා සිටියේ ප්‍රදේශවාසීන්ට පමණක් මැණික් සෙවීමට ඉඩදෙන මෙන් තමා පොලිසියෙන් ඉල්ලු බවකි.

අවසන් වූ වාසනාව 
ඊයේ දිනය වන විට මෙම මැණික් සෙවීම කෝලාහල කිරීමක් දක්වා දුරදිග ගිය හෙයින් අධිකරණ නියෝගයක් මගින් එම ප්‍රදේශය අධි ආරක්‍ෂිත කලාපයක් ලෙස නම් කරනු ලැබිය.

ඒ අනුව මැණික් සෙවූ ප්‍රදේශවාසීන්ට මෙන්ම රත්නපුරයේ මහාපරිමාණ මැණික් ව්‍යාපාරිකයන්ටද එම ස්ථානයෙන් ඉවත්වීමට සිදුවිය.එම බොරළු පස් ගෙන ආ ස්ථානයටද මේ වනවිට පොලිස් ආරක්ෂාව යොදා ඇත.

නීතිමය පසුබිම 
පෞද්ගලික ඉඩමකින් හැරෙන්නට පොදු ස්ථානයකින් මැණික් ඉල්ලමක් මතුවූ විට එහි නිත්‍යානුකුල අයිතිය ඇත්තේ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරයටයි.ඒ අනුව මෙම මැණික් ඉල්ලම පිලිබඳ ඉදිරි සියලු කටයුතු එම අධිකාරුයට පවරා ඇත.

ලුණුගම්වෙහෙරින් මතුවූ මැණික් පිලිබඳව රතුවිතාන ශූරීන් පළකල අනාවැකිය
පසු ගිය වසරේ නොවැම්බර් මස සිදුවූ ශනි මාරුව එනම් ශනි හෙවත් සෙනසුරු කන්‍යා රාශියේ සිට තුලා රාශියට සපැමිණීමෙන් කුම්භ ලග්න හිමි ශ්‍රීලංකා කේන්ද්‍රයේ තිබූ අෂ්ඨම සෙනසුරු ඒරාෂ්ඨක තත්වය නිමාවකට පත්විණි.

එම අවස්ථාවේදී අපේ රටට කුමක්වේද යන්න පුවත්පත් වල පිටු ගණනින් මත පල විණි.

මෙහිදී ශ්‍රීලංකාවේ ප්‍රධාන ජ්‍යෝතිෂ්‍ය පුවත්පතක් වන සුබසෙත පුවත්පතේ කතෘ ජ්‍යෝතීර්වේදී ආචාර්ය පියසේන රතුවිතාන ශූරීන් විසින් 2011ක්වූ නොවැම්බර් මස 11 වන සිකුරාදා පලකල කලාපයේ ශනි මාරුවෙන් ශ්‍රීලංකාවාසීන්ට හා රටට පොදුවේ සිදුවන පලාපල විස්තරයක් පලකරන ලදී.

එහිදී ප්‍රදාන පිටුවේ පලකල මාතෘකාව වූයේ මෙම සිදුවන ශනි මාරුවෙන් "පොළවෙන් ධන සම්පත් මතුවේ " යන්නයි.එහිදී ඊට අදාලව මැණික් ගල් සහිත පින්තූරයක්ද එහි කෙලවරක පළකෙරිනි.

පසුගියදා ලුණුගම්වෙහෙර ප්‍රදේශයෙන් ලංකාවේ ප්‍රථම වතාවට මැණික් මතුවීම සුවිශේෂී සිදුවීමකි.කුම්භ ලග්නයට ලග්නාධිපති වන ශනිට හිමි නිල් මැණික් මතුවීම මෙහිදී ඉහතින් පුවත්පතේ පලකල කාරණය තවත් තහවුරු කිරීමකි.

මෙහිදී ශනි ශ්‍රීලංකා කුම්භ ලග්න කේන්ද්‍රයේ භාග්‍යස්ථානයේ හෙවත් තුලාවේ රාශිගතවීම පිළිබඳව තවත් අදහස් දක්වා ඇති එතුමන් රිය අනතුරු , ගුවන්යානා අනතුරු , දුම් රිය අනතුරු පිළිබඳව්ද ඉඟිදක්වා ඇත.

පුද්ගල ලග්න වශයෙන් සැලකීමේදී තුලා , මකර , කුම්භ සහ කටක ලග්න හිමියන්ට මේ සෙනසුරු මාරුවෙන් යහපත් ප්‍රතිපල ලැබෙන අතර උපතින් සඳු හෙවත් චන්ද්‍රයා තුලා ,මීන , වෘෂභ යන රාශි වල සීයදී උපන් අයට ලැබුවාවූ සෙනසුරු මාරුව එතරම් සුභ නැති බවද දක්වා තිබේ.





Source: http://www.gossip9.com/2012/02/blog-post_17.html#ixzz1meb9NFUx

Share this article with your friends