මෙම ඉඩමෙහි නීත්‍යානුකූල හිමිකරුවන් නොමැති බව නගරසභා වාර්තා මගින් සොයාගත් පුරපතිවරයා එම ඉඩම රුපියල් ලක්ෂ 150 කට ඉන්දීය ජාතිකයෙකුට විකිණීම සඳහා ව්‍යාජ ලිපිලේඛන සකසා තිබේ.
එලෙස ලිපි සකසාගත් පුරපතිවරයා තමාගේ පාතාල පිරිසක් සමග එම ඉඩමට ගිය අවස්ථාවේදී මෙම කාන්තා ප‍්‍රහාරයට ලක්වි තිබේ. කෙසේ වුවද කෝට්ටේ පුරපතිවරයා තමන්ට මරණීය තර්ජන සිදුකළ බවට එම කාන්තාවන් ගෙන් කිහිප දෙනෙකු මරිහාන පොලීසියට පැමිණිල්ලක්ද කර තිබේ.
එලෙස ලිපි සකසාගත් පුරපතිවරයා තමාගේ පාතාල පිරිසක් සමග එම ඉඩමට ගිය අවස්ථාවේදී මෙම කාන්තා ප‍්‍රහාරයට ලක්වි තිබේ. කෙසේ වුවද කෝට්ටේ පුරපතිවරයා තමන්ට මරණීය තර්ජන සිදුකළ බවට එම කාන්තාවන් ගෙන් කිහිප දෙනෙකු මරිහාන පොලීසියට පැමිණිල්ලක්ද කර තිබේ.
කොළඹ නගර තුළ මත්ද්‍රව්‍ය ව්‍යාපාරය පවත්වාගෙන ගිය පාර්ලිමේන්තු මන්ත‍්‍රි දුමින්ද සිල්වා මහතාගේ ගෝලයෙකුවන ජනක රණවක මහතා මේ වනවිට කෝට්ටේ, කඩුවෙල හා මහරගම ප‍්‍රදේශතුළ තැරැුව්කරුවන් හරහා කුඩු බෙදාහරින බව මිරිහාන පොලීසියේ නිලධාරියෙකු අප කළ විමසීමකදී පැවසීය.
තවද පුරපතිවරයාගේ සොයුරා මේ වනවිට පෞද්ගලික බස්රථ 15ක් මිලදී ගෙන එම බස්රථ හරහා නුවරඑළිය ප‍්‍රදේශයටද කුඩු ප‍්‍රවාහනය කරමින් සිටින බව ඔහු පැවසීය.
මීට වසර කිහිපයකට පෙර ආර්ථික දුෂ්කරතාවයන්ගෙන් පෙළුනු ජනක රණවක මේ වනවිට වංචා දූෂණ හරහා කෝටිපතියෙකු බවට පත්ව සිටින බවත්. කුඩු ව්‍යාපාරයට අමතරව බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කරගැනීම ඔහුගේ ප‍්‍රධාන ධනෝපාය බවත් එම පොලිස් නිලධාරියා කීය.
එහෙත් පුරපතිවරයා, ජනාධිපති පුත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධාන අනුගමිකයෙකු බැවින් නීතිය ක‍්‍රියාත්මක කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
පළාත් පාලන ආයතනවල ප‍්‍රධානීන් සහ මන්ත‍්‍රීවරුන් තම බල ප‍්‍රදේශයේ තිබෙන පදිංචිකරුවන් නොමැති ඉඩම් සොයාබලා ඒවාට කූට ලේඛන සකසා විකිණීම මේ වනවිට මහාපරිමානයෙන් සිදුවන බව ඉඩම් අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පසුගිය සතියේ ප‍්‍රකාශ කර තිබිණ. මෙම වංචාව වසංගතයක් ලෙස පැතිර යමින් තිබෙන බවත් එය වැලැක්වීමට කටයුතු කරමින් සිටින බවත් ඔහු අවධාරනය කර තිබින.
Source - lankanewsweb.com