Chitika Smowtion 468x60


Monday, February 6, 2012

ශාරුක් නැවතත් ලංකාවට


ඉන්දියාවේ සුපිරි නළු ශාරුක් ඛාන් නැවතත් ලංකාවේ ප්‍රසංගයක් පැවැත්වීම් සඳහා ලැබුණු ආරාධනයක් බාරගැනීමට සුදානම් වන බව වාර්තා වේ.

2004 වසරේදී ශාරුක් ඛාන් මුල් වරට ලංකාවේ "ටෙම්ප්ටේෂන් 2004" නමින් ප්‍රසංගයක් පැවැත්වූ අතර එම ප්‍රසංගය පැවැත්වීමට පෙර සිටම ජාතික හෙළ උරුමය මගින් එයට විරුද්ධත්වය පලකලේ සෝම හිමියන් අපවත්වී වසරක් සම්පුර්ණ වන අවස්ථාවේ එය නොපවත්වන ලෙසයි.


නමුත් සංවිධායකයන් එය ප්‍රතික්ෂේපකරමින් කියා සිටියේ සෝම හිමිගේ අපවත් වී වසරක් පිරීමට පෙර දිනයේ එනම් දෙසැම්බර් 11 වන දින මෙය පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි.




.ඒ අනුව විරෝධතා මධ්‍යයේ ප්‍රසංගය පැවැත්වූ අතර ප්‍රසංගය ආරම්භ වී රාත්‍රී 11:30 පමණ වන විට ග්‍රෙනේඩ් බෝම්බ ප්‍රහාරයක් වේදිකාව දෙසට එල්ල විය.


එම ප්‍රහාරය හමුවේ ශාරුක් ඛාන් ඇතුළු බොලිවුඩ් නළු කැල ආරක්ෂා සහිතව එම භූමියෙන් ඉවත්කෙරුන අතර එම ග්‍රෙනේඩ් ප්‍රහාරයෙන් දෙදෙනෙකු මියගොස් 19 දෙනෙකු තුවාල ලැබුවා. 
එම ප්‍රහාරයෙන් පසුව ශාරුක් ඛාන් ශ්‍රී ලංකාව කෙරෙහි දැඩි කලකිරීමට පත් වූ අතර ශ්‍රී ලංකාවෙන් ඉන්දියාව බලා පිටව ගියේ නැවත කිසි දිනෙක ලංකාවට නොපැමිණෙන බවට සපථ කරමිනි.

නමුත් වර්තමාන ශ්‍රිලංකාවේ ඇති වී තිබෙන සාමකාමී වාතාවරණයත් සමග නැවත ශ්‍රී ලංකාවේ ප්‍රසංගයක් සඳහා මෙරට ප්‍රධාන පෞද්ගලික ආයතන හා මාධ්‍ය ආයතනයක් විසින් සිදු කල ආරාධනයක් ශාරුක් විසින් පිළිගැනීමට බලාපොරොත්තුවෙන් සිටින බවට වාර්තා වෙයි.


ඒ අනුව මෙවර ශාරුක් ඛාන් ගේ සංචාරය සනදහා සුවිශේෂී ආරක්ෂාවක් දීමට සැලසුම්කොට ඇත.








Source: http://www.gossip9.com/2012/02/blog-post_05.html#ixzz1lXHjIzxc

Share this article with your friends