Chitika Smowtion 468x60


Wednesday, February 1, 2012

CSN ට එරහිව MTV Sports

MTV/MBC හෙවත් මහරාජා මාධ්‍යජාලය යටතේ ක්‍රියාත්මක වන නවතම නාලිකාව පසුගිය 26 වෙනිදා විකාශනය ආරම්භ කළා.

“MTV Sports” ලෙස නම ක‍ර ඇති මෙම නාලිකාව ක්‍රීඩා හා විනෝදාත්මක වැඩසටහන් සදහා වෙන් වුවක්. ඒ අනුව ක්‍රීඩා සදහා වෙන්වූ රුපවාහිනී නාලිකා දෙකක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වනවා.

ඒ CSN හෙවත් කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් හා MTV Sports නාලිකාවයි. මෙම MTV Sports නාලිකාවේ ප්‍රවෘත්තිමය වැඩසටහන්ද විකාශය වන අතර දැනගන්නට ලැබෙන ආකාරයට BBC වැනි ජාත්‍යන්තර මට්ටමේ සන්නාම නාමයක් බවට MTV/MBC පත් කිරීම මහරාජා මාධ්‍යජාලයේ ඉහල කළමණාකාරිත්වයේ අරමුණයි.



මේ අතර මෙම නව නාලිකාවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගී වන තරග ශ්‍රී ලංකාව තුල පෙන්වීමටද හැකියාවක් තිබෙන අතර ඒ සදහා අවශ්‍ය ලන්සුව දිනා ගැනීමට ඔවුන්ට CSN නාලිකාව හා තරග වැදීමට සිදුවෙනවා.

මිට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ තරග සිරස ටීවී හරහා පෙන්වූ අතර මේ සදහා ලන්සුව ලබා ගැනීමට ඇත යටින් මුදල් ගනුදෙණුද සිදුවූ බව ප්‍රසිද්ධ රහසක්. කෙසේ වෙතත් රජය ගෙනා නව පනතක් නිසා සිරස ටීවී නාලිකාවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගිවන තරග පෙන්වීමේ අවස්ථාව අහිමිව ගියා. ඒ පනත අනුව එම ක්‍රිකට් තරග පෙන්වීය හැක්කේ රජයේ මාධ්‍යවලට හෝ ක්‍රීඩා සදහා වෙන්වූ පෞද්ගලික මාධ්‍යවලට පමණි.

මේ වන විට මහරාජා මාධ්‍යජාලය යටතේ සිරස ටීවී, චැනල් වන් MTV, ශක්ති ටීවී, MTV Sports යන රුපවාහිනී නාලිකා හතරද සිරස එෆ් එම්, ශක්ති එෆ් එම්, Y එෆ් එම්, YES එෆ් එම් හා කිරුළ එෆ් එම් යන ගුවන් විදුලි නාලිකා පහද ක්‍රියාත්මක වෙනවා. එසේම ශ්‍රී ලංකාවේ සිට ක්‍රියාත්මක වන රුපවාහිනී නාලිකා 21 හා ගුවන්විදුලි නාලිකා 53ක් තිබෙන අතර ඒවායින් බොහොමයක් නාලිකා පාලනය වෙන්නේ TNL Radio Network, ABC Network, MTV/MBC, Teleshan Network, EAP වැනි මාධ්‍යජාල යටතේයි.

මේ තරම් විශාල ගුවන් විදුලි නාලිකා ප්‍රමාණයක් ඇති නිසා ඒවාට සංඛ්‍යාත වෙන්කර දීමේදීද ගැටළු ඇතිවී තිබෙනවා. ඒ අනුව ගුවන් විදුලි නාලිකා දෙකක සංඛ්‍යාත අතර ඇති පරතරය අඩු වීම නිසා එකදු නාලිකාවත් වත් පැහැදිලිව ශ්‍රවණය කිරීමේ අවස්ථාවට අහිමිව යනවා.

කෙසේ වෙතත් මේ වන විට ස්වර්ණවාහිනී නාලිකාවේද අර්බුද මතුව ඇති අතර එජාප නායකයාට පහත් ආකාරයෙන් මඩ ප්‍රහාර එල්ල කිරීම පිලිබදව MTV/MBC මාධ්‍යජාලය ඇතුළතින්ම විරෝධතා මතුව තිබෙනවා. දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාගේ සහෝදරයාට අයත් හිරු එෆ් එම්, සන් එෆ් එම්, සුර්යියන් එෆ් එම් ඇතුලත් ABC මාධ්‍යජාලය ඔවුන්ගේ රුපවාහිනී නාලිකාව හිරු ටීවී ලෙස නම කර ඇති අතර එය දැන් පරීක්ෂණ විකාශය අරබා තිබෙනවා.

දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා වෙනුවට ඔහුගේ මාධ්‍ය සහෝදරයා දේශපාලනයට පැමිණීමට නියමිත අතර, ඊට අමතරව මාධ්‍ය හිමිකරුවන් කිහිප දෙනෙක්ම ඉදිරියේදී දේශපාලනයට පැමිණීමට නියමිතයි.

-නිර්නාමික ලියුම්කරුවෙකු විසිනි-






Source: http://www.gossip9.com/2012/01/csn-mtv-sports.html#ixzz1l5ADv9UL

Share this article with your friends