Chitika Smowtion 468x60


Sunday, March 18, 2012

ජනාධිපති සම්බන්ධීකරන ලේකම්වරයෙකුට නිලවාහන 10 ක් !


ජනාධිපති සම්බන්ධීකරන ලේකම්වරයෙකුවන කිත්සිරි අබේගුණවර්ධන මහතාට රජයේ වාහන 10 ක් වෙන්කර දී තිබෙන බව ජනාධිපති කාර්යාලයේ ලිපි ගොනුවලින් තහවුරු වේ. ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය, ජාතික ලොතරැයි මණ්ඩලය හා මාර්ග සංවර්ධන අධිකාරිය යන ආයතනවලින් මෙම වාහන අනුයුක්ත කොට ඇත්තේ රියදුරන්ද සමගය.
මෙම වාහනවලට ඉන්ධන සීමාවකින් තොරව ලබාදීම සඳහාත් එම වාහනවල රියදුරන් සඳහා අතිකාල දීමනාද සීමාවකින් තොරව ලබාදීමටත් කටයුතු කර තිබේ.

ජනාධිපතිවරයා මෙවැනි සම්බන්ධීකරන ලේකම්වරුන් දිස්ත‍්‍රික් මට්ටමින් ද එක් එක් විෂයට අදාලවද පත්කොට ඇති අතර ඔවුන්ගේ මුලූ සංඛ්‍යාව 106 ක් වනබව ජනාධිපති කාර්යාලයේ ලිපිලේඛනවල සඳහන් වේ.

කෙසේ වුවද ජනාධිපති සම්බන්ධීකරන ලේකම් කිත්සිරි අබේගුණවර්ධන මහතාට ලබාදී ඇති වාහන පිලිබදවත්, රියදුරන් කවුරුන්ද යන්න පිලිබදවත් පහත සඳහන් වේ.

1. 64-10-14 කාර් රථය - මාර්ග සංවර්ධන අධිකාරිය
2. DG-GP 9801
3. GC 4571
4. GE 0401 - මාර්ග සංවර්ධන අධිකාරිය
5. KC 0952 - කාර් රථය
6. KE 0826 - ලෑන්ඞ් කෘෂර් රථය
7. GD 7263 - නිසාන් කාර්රථය
8. LG 3399
9. JK 7547 - ප‍්‍රාඩෝ රථය
10. NA 3392 - වෑන් රථය - ජාතික ලොතරැයි මන්ඩලය

අනුයුක්ත කොට ඇති රියදුරන්

1. ඒ චමින්ද
2. රවී ලක්සිරි පේ‍්‍රමචන්ද්‍ර
3. ලෙස්ලි සේස්පියර් - මාර්ග සංවර්ධන අධිකාරිය
4. සම්පත් - මාර්ග සංවර්ධන අධිකාරිය
5. සිහානෙත්ති - මාර්ග සංවර්ධන අධිකාරිය
6. ඩෝලා රංජි - මාර්ග සංවර්ධන අධිකාරිය
7. පියාල් සමන්කුමාර - ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය

මීට අමතරව මෙම සම්බන්ධීකරන ලේකම්වරයාගේ කටයුතු සඳහා පහත සඳහන් වනපරිදි කාර්ය මණ්ඩලයක්ද පත්කර තිබේ.

1. පරිපාලන නිලධාරී කි‍්‍රස්ටි සිල්වා - මාර්ග සංවර්ධන අධිකාරිය
2. ලිපිකරු ජයන්ත - මාර්ග සංවර්ධන අධිකාරිය
3. ඒ සෝමපාල - කාර්යාල කටයුතු
4. යතුරු ලියනය, සෙව්වන්දි
5. සේමිනී බණ්ඩාර
6. චතුරි
7. ප‍්‍රභාත්
8. රංගන - කාර්යාල කාර්ය සහායක
9. එස්.එල් රණසිංහ
10. ලලිත් - මාර්ග සංවර්ධන අධිකාරිය

තවද මොහුගේ ආරක්ෂාව සඳහා සිව් දෙනෙක්ද අනුයුක්ත කොට තිබේ.

1. චමින්ද පාලිත ගුණරත්න - ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය
2. සන්දනායක - ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය
3. සුරේෂ් - ග‍්‍රාමාරක්ෂක
4. රාපක්ෂ - ග‍්‍රාමාරක්ෂක


Source - lankanewsweb.com

Share this article with your friends