වෙළද අමාත්‍යවරයා වෙනුවෙන් එවැනි අල්ලසක් ලබාදීමට සාකච්ඡා පවත්වා ඇත්තේ ඇමතිවරයාගේ සමීපතම ජාවාරම්කරුවෙකුවන ‘මනිලොන්ඩරින් ඩිඩා’ නොහොත් ශ‍්‍රී ලංකා රග්බි සම්මේලනයේ මහාලේකම් රිස්ලි ඉල්ලියාස් මහතාය. කෙසේ වුවද මේ දක්වා එම යෝජනා සම්බන්ධයෙන් පැල්පිට මහතා යහපත් ප‍්‍රතිචාරයක් දක්වා නැතැයිද වාර්තා වේ.
2012 අගෝස්තු 01 වනදා සිට ක‍්‍රියාත්මකවන පරිදි ගුවන් විදුලි සංඛ්‍යාත (Frequency) ලබාදීම සඳහා ජාතික ප‍්‍රතිපත්තියක් හදුන්වාදීමට විද්‍යුත් නියාමන කොමිසම කටයුතු කරමින් සිටී. එහිදී බොහෝ නාලිකාවලට මෙතෙක් ලබාදී තිබූ එක් එක් කලාපවලට අදාල ගුවන් විදුලි සංඛ්‍යාත වෙනුවට සෑම ගුවන් නාලිකාවකටම දීප ව්‍යාප්තව ආවරණය වනපරිදි ගුවන් විදුලි සංඛ්‍යාත සීමිත ප‍්‍රමාණයක් ලබාදීමට තීරණය වී තිබේ.
මේ අනුව ‘වී එෆ් එම්’ නාලිකාව සතුව පවතින 107.6, 100.4 හා 104 ගුවන් විදුලි සංඛ්‍යාත වෙනුවට මුලදිවයිනම ආවරණය වනපරිදි එක් ගුවන් විදුලි සංඛ්‍යාතයක් ලබාදීමට අනූෂ පැල්පිට මහතා පියවර ගෙන තිබේ.
වෙළද අමැතිවරයා වෙනුවෙන් ‘මනිලොන්ඩරින් ඩිඩා’ අනූෂ පැල්පිට මහතා හමුවී ඉල්ලා ඇත්තේ ඇමතිවරයා විසින් මිලදී ගනු ලැබූ එෆ් එම් නාලිකාව සතු ගුවන් විදුලි සංඛ්‍යාත තුන සඳහා නව සංශෝධන යටතේ මුලදිවයිනම ආවරණය වන ආකාරයේ ගුවන් විදුලි සංඛ්‍යාත තුනක් ලබාදෙන ලෙසයි. ඒ වෙනුවෙන් රුපියල් කෝටි 2ක මුදලක් ලබාදීමට සූදානම්බවද ‘මනිලොන්ඩරින් ඩිඩා’ පැල්පිට මහතාට පවසා තිබේ.
‘නෙලූම් කුලූන’ නමින් රුපියල් කෝටි ගණනක මුදලක් වැයකරමින් ඉදිකරනු ලබන ව්‍යාපෘතිය හරහා අනූෂ පැල්පිට මහතාට රුපියල් කෝටි ගණනක අත්තිකාරම් කොමිස් මුදලක් ලැබී ඇතැයිද ඔහු එම මුදලින් කොටසක් කොළඹ කොටස් වෙළද පොලේ කොටස් මිලදී ගැනීම සඳහා යොදවා ඇතැයිද වාර්තා වේ.
.
Source - lankanewsweb.com