Chitika Smowtion 468x60


Thursday, March 8, 2012

එගොඩවැල්ලේ මූසල මතකය.. - සම්පත් සමරකෝන්


''රූපවාහිණියෙන්ද, අයිටීඑන් එකෙන්ද නැතිනම් ස්වර්ණවාහිණයෙන් ද?'' අප ගමන් ගත් වෑන් රථයෙන් බිමට බසිනවාත් සම`ගම අසල කාඩ් සෙල්ලම් කරමින් සිටි කහිපදෙනෙකු අප දෙස බලා පැවසීය. ඒ පසුගිය 16වනදා හලාවත, එගොඩවැල්ල ප්‍රදේශයට ගිය අවස්ථාවකය.
 පෙබරවාරී 15 වනදා රාත්‍රීය උදා වන විට එගොඩවැල්ල ප්‍රදේශයේ පැවති, ඉන්ධන මිළ වැඩි කිරීමට එරෙහි විරෝධතාවයකට ආරක්ෂක අංශ විසින් වෙඩි තැබීමෙන් ධීවරයෙකු වූ තිස්තුන් හැවිරිදි වර්ණකුලසූරිය ඇන්ටනී ප්‍රනාන්දුගේ ජීවිතය ආණ්ඩුවේ ආරක්ෂක අංශ විසින් බිලිගෙන තිබිණී. එැතැනින් නොනැවතුනු ඒ මුග්ද, ප්‍රචණ්ඩ ආණ්ඩුවේ මර්ධනය විසින් තවත් ධීවරයින් තිදෙනෙකුට තුවාල සිදු කර තිබූ අතර ඉන් පසු එගොඩවැල්ල ප්‍රදේශයම ගිණීයම් වී තිබිණි.

ඒ ගිණියම් වීමේ උණුසුම කෙසේ ද යත් රජයට අයත් කිසිදු මාධ්‍යකට එම ප්‍රදේශයට පැමිණීමට ගම්වාසිණ් විසින් අවසර ලබා නොදුන් අතර කිසිදු හමුදා හෝ පොළිස් නිළධාරියෙකුටවත් එහි පැමිණීමට ගම්මුන්ගෙන් අවසර නොවීය.
හිරු මුදුන් වීමට ආසන්න ය.
හලාවත වෙරළ තීරය පාලූවට ගොසිනි.
එගොඩවැල්ල ප්‍රදේශයේ සෑම මාර්ගයකම කලූ කොඩි ඔසවා ඇන්ටනී ප්‍රනාන්දු නම් ධීවර කාර්මිකයා ආණ්ඩුවේ ආරක්ෂ විසින් ඝාතනය කිරීමට විරුද්ධව සිය විරෝධය දැක්වීමට ඇන්ටනීගේ සමීපතමයින් කටයුතු කර තිබූ බව දක්නට විය. වෙනදාට හලාවත නගරයේ දකින දසුන් වෙනුවට 16දා දක්නට වූයේ තුවක්කු මානාගෙන සිටිනා හමුදා, පොලිස් නිළධාරීන්ය. වෙනදා මෙන් සෙන`ගක් නොවූ නගරයේ සන්නද්ධ රථ නගරයේ ගාල් කර තිබුණේ යුද්ධයකට පැමිණියා සේ ය. නමුත් විශෙAෂය නම් එම දිනයේ කිසිදු ආරක්ෂක නිළධාරියෙක් එගොඩවැල්ල ගමට ඇතු`එ නොවීමට වග බලාගෙන තිබුණේ අසංවිධානාත්ම වූ එම විරෝධයේ ප්‍රභලත්වය කියාපාමින් ය.
මෙලෙස හලාවත ධීවරයන් විරෝධයෙ පෑවේ රටෙන් භාගයක් ඉල්ලා නොවේ. මැදමුලන වලව්වෙන් කාමරයක්වත්, ඉඩම් කැබැල්ලවක් වත් ඉල්ලා නොවේ. එපමණක් ද නොවේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට පසුගිය මැතිවරණ වලදී ඡන්දය දුන් මේ ධීවරයින් 'දැන් අපි දුන් ජනාධිපතිකම අපට දියවු' යනුවෙන්වත් ඉල්ලා නොවේ.
එසේ නම් මේ ධීවරයින්ට වෙඩ් තැබුවේ ඇයි. අපි ධීවරයෙක් ගෙන් විමසීමු.
''අපි ගියේ අපේ භූමි තෙල් මිළ අඩු කරන්න කියන්න''
'අපි උද්ඝෝසණයට ගිහිල්ලා අපේ එක්කෙනෙකුට වෙඩි කන්න සිද්ධ වුනා. ඒකෙනෙක් මැරුණා. අනෙක් තුන් දෙනා මැරුනා වගේ තමයි. දැන් කොහොමද එයාලා රස්සා කරන්නේ. හතරදෙනෙක් මැරුණා කියලා හිතා ගන්න ඕන අපි. අපි අහන්නේ එකම දෙයයි. කවුද මේ කට්ටියට වෙඩි තියන්න අනුමැතිය දුන්නේ. අපි දැකලා තියනවා උද්ඝෝෂණ. ක`දු`එ ගෑස් ගහනවා. වතුර ගහනවා. අපේ ගමේ විතරක් ඇයි මේ වෙඩි තිබ්බේ. ආන්ඩුවට වැලේ තමයි ඡන්දය තියෙන්නේ. ඔක්කොම පෙරමුණේ කට්ටිය ඉන්නේ. එහෙම ඉ`දගනත් අපිට මේ වගේ වැඩ කරනවා නම් වැඩක් නැනේ. අපි ආයේ කොහොමද ඉදිරිපත් වෙලා වැඩ කරන්නේ. අපිට දේශපාලනයත් එපා. ඒ උනත් අපිට හරි සහනයක් ඕන. අපි යුද්ධයක් නෙමේ නේ කෙරුවේ. එවුන් අපිත් එක්ක යුද්ධයක් නේ කෙරුවේ.''
පෙබරවාරි පහලොස් වනදා සිදු වූ එම මිලේඡ්ච ප්‍රහාරයෙන් හලාවත නගරයත්, එගොඩවැල්ලත් දැඩි සේ කම්පනයට පත්ව සිටිනු පෙනෙන්නට විය. ඒ වන විටත් ඝාතනයට ලක් වූ ඇන්ටනීගේ බිරි`ද වර්ණකුළසූරියලාගේ නිලුකා මැද පෙරදිග රැකියාවකට ගොස් දෙසතියකට වඩා වැඩි නැති බව ඇන්ටනීගේ සමීපතමයින් පැවසූවේ ක`දු`එ පිරි දෑසින් යුතුවය. ඇන්ටනීගේ අසරණ දරුවන් දෙදෙනා ඇන්ටනීගේ නිසළ දේහය දෙස බලා සිටින දසුන හුස්ම ගන්නා ඕනෑම අයෙකුගේ හදවතේ ඇති කරන්නේ විශාල වේදනාවකි.
''මොකද මල්ලී එදා උනේ.''
මළ ගෙදරට නුදුරින් වූ ස්ථානයක හමු වූ තරුණයෙක් සමග අපි කතා කළෙමු.
—එදා අපි පාරට යනකොට ඔක්කොම අය එක තැන ගොඩගැහිලා හිටියා. ෆාදර් කට්ටියව නතරකරගෙන හිටියා. එකපාරම කඳුළු ගෑස් එකක් ඇවිල්ලා වැටුණා. අපි මුහුදු වෙරළට දිව්වා. මුහුදු වෙරළට යනකොට වෙරළෙත් කඳුළු ගෑස් ගහලා. ඉතින් මිනිස්සු මුහුදු වතුරෙන් මුහුණ හෝදගෙන ඉස්සරහටම ගියා. ආමි එකේ කට්ටිය පිටි පස්සට පිටි පස්සට ගිහිල්ලා එක තැනකට එකතු වුණා. එක පාරටම ඉස්සරහට ඇවිල්ලා දණ ගහගෙන වෙඩි තියන්න ගත්තා. එස්.ටී.එෆ් එකෙන් ඉස්සරහට ඇවිත් වෙඩි තිබ්බා. ඉස්සරහට හිටපු තුන්දෙනාටම තිබ්බා. මා ගාව හිටපු දෙන්න ඇදගෙන වැටුණා. ඊට පස්සෙ මටත් වෙඩි තියන්න කියලා මම කිව්වා. මට තිබ්ඛෙ නැහැ. වැටිලා හිටපු දෙන්නව කරේ තියාගෙන මම පිටිපස්සට ආවා. පිටිපස්සට එනකොට මටත් වෙඩි තිබ්බා. එස්.ටී.එෆ් එකේ දෙන්නා මුහුදු වෙරළේ හිටපු දෙන්නට තිබ්බා. මැරුණ එක්කෙනාට තිබ්ඛෙ පොලීසියෙන්. පොලීසියෙ එක්කෙනා තුවක්කුව උස්සලා මැරුණ එක්කෙනාගෙ ඔළුවටම තිබ්බා. ෆාදර් ඇවිල්ලා වෙඩි තියන්න එපා කියලා කිව්වා. ඒත් වෙඩි තිබ්බා. වෙඩි වැදුණු එක්කෙනාව අරන් යන කොට හමුදාවෙ කට්ටිය එයාව අරන් යන්න ඉඩ දුන්නා. පොලීසිය අය ඇවිල්ලා උස්සන් යන හතර දෙනාටත් ගහලා, මිනියටත් බිම දාලා පාග පාග ගැහුවා. එයාව කොහොම හරි ඉස්පිරිතාලෙට ගෙනියන කොට මැරිලා.˜
—මම ගාව ඉඳලා වෙඩි වැදුනු දෙන්නටත් පණ නැතුව හිටියෙ. මම ඒ දෙන්නව කරේ දාගෙන එනකොට පිටිපස්සෙන් වෙඩි තියනවා. මම ඔළුව පාත් කරගෙන දිව්වා. අන්තිමට මට මහන්සි හින්දා බිම දිගා වුණා. එතනටත් කඳුළු ගෑස් එකක් ගැහුවා.˜
වෙඩි තිබ්බ කට්ටිය කොච්චර විතර දුරින්ද හිටියෙ?
සාමාන්‍යයෙන් මීටර් 100 වගේ දුරකින් හිටියෙ. ඒ හරියෙ වැසිකිලියක් තියෙනවා. ඒක ගාව තමයි හමුදාව එකට එකතු වුණේ. පනස් දෙනෙක් විතර එතන හිටියා. ඒ අය තමයි වෙඩි තියන්න ගත්තෙ.
ඒ අය වෙඩි තියෙන හැටි ඔයා දැක්කද?
ඔව්
ඒ සිදුවීම විස්්තර කරන්න පුළුවන්ද?
හමුදාව රංචුවක් හැදිලා ඒකෙන් එක් කොටසක් උඩට වෙඩි තිබ්බා. තව කොටසක් යටට වෙඩි තිබ්බා. එස්.ටී.එෆ් එකේ මූණ වහලා ඉන්න දෙන්නෙක් ඉස්සරහට ඇවිත් දණ ගහලා ඉස්සරහ හිටිය පිරිසටම වෙඩි තිබ්බා.
හිතලා වෙඩි තියනව වගේ දෙයක් ඔයා දැක්කද? නැත්නම් වෙඩි තියනකොට අහම්ඛෙන් වැදුනා කියලා ඔයා හිතන්නෙ?
හිතලා තිබ්ඛෙ. තුවක්කුව අල්ලන විදිහෙන් ඒක තේරුණා. අපිත් කැඩෙට් කරලා තියෙනවනෙ. ඇඟිල්ල යාන්තමට උස්සල තමයි තිබ්ඛෙ. ඇඟිල්ල යාන්තමට උස්සනවා කියන්නෙ ලෙවල් එක මූණට ගන්නවා කියන එකයි. දණ ගහගෙන හිටපු එක්කෙනා ඉස්සෙල්ලම මූණට තිබ්බා. ඊට පස්සෙ කකුලට තිබ්බා. අන්තිමට වෙඩි තියාගෙනම තුවක්කුව මුහුදු වෙරළ පැත්තට කැරකුවා. මං ගාව හිටපු දෙන්නා වැටුණා.
ඔයාට ඒ වෙලාවෙ මොනවද හිතුනෙ?
මේක මොන ජීවිතයක්ද කියලා හිතුනා. මේ වගේ අහිංසක ජනතාවකට වෙඩි තියෙනවා කියන්නෙ, හරියටට එල්.ටී.ටී.ඊ එකට වෙඩි තියෙනවා වගේ තමයි වෙඩි තිබ්ඛෙ. වෙඩි වැදිච්ච දෙන්නව කරේ තියාගෙන යනකොට මට නම් බය හිතුනෙ නැහැ. වෙඩි වැදිලා දෙන්න වැටුනහම මටත් වෙඩි තියන්න කියලා මම කිව්වා. ඒත් මට වෙඩි තිබ්ඛෙ නැහැ. සමහර විට මම 'ශ්‍රී ලංකා' කියලා ගහපු කැප් එකක් දාගෙන හිටපු නිසා වෙන්න ඇති.
වෙඩි වැදුන අයගෙ මොනවගේ තුවාලද තිබ්ඛෙ?
ඒ අය වෙඩිවැදිලා සිහිය නැතුව හිටියෙ. එක්කෙනෙක්ගෙ දණ හිස ඇඹරිලා. අනෙක් එක්කෙනාගෙ උරහිසට වැදිලා එයා මැරිලා වගේ හිටියෙ. කකුලට වෙඩිවැදුණ එකAකෙනා උස්ස ගෙන එන කොට 'අනේ පුතේ මගෙ කකුල තියෙනවද කියලා බලපන් කියලා' කිව්වා. එයා රත්තරන් බඩු වගයක් උගස් තියන්න ටවුන් එකට යන්න ආපු එක්කෙනෙක්.''
මෙසේ ඝාතනය කරන ලද ඇන්ටනී ප්‍රනාන්දු සිය සමීපතමයින් හැරදමා ගොස් මෙය ලියන මොහොත වන විට දින 5කට ආසන්න ය. තම ආදරණීය තාත්තාට සිදු වූ කිසිවක් හරි හැටි තේරුම් ගන්නට නොහැකිව බලා සිටින ඇන්ටනීගේ දරුවන් දෙදෙනා වන හත් හැවිරිදි ධනුෂ්කත් නව හැවිරිදි නිපුණිගේත් වේදනාබර මුහුණ හලාවත මහ සයුරවත් ඉවසන්නේ නැති සේයකි. පොහොසත් වන්නට නොව යහමින් ජීවත් වන්නට බලා සිටි ඇන්ටනීගේ ආදරණීය බිරි`දගේ සෝ සුසුම් අරලිය මැදුරට කිසිදාක නොදැනෙනු ඇත. ඒ අන් කිසිවක් නිසා නොව මීට මාස කිහිපයකට පෙර නිදහස් වෙළද කලාපයේ තම රැකියාව වෙනුවෙන් සහෝදර කම්කරුවන් සමග වීථී බට රොෂේන් චානකටත් මෙපරිද්දෙන්ම ආණ්ඩුවේ අ`එගෝසුවන් වෙඩි තබා ඝාතනය කළේය. නමුත් අද රොෂේන්ගේ මව තම පුතාට සිදු වූ දේ පමණක්වත් දැන ගැනීමට නොයෙන තැනක් නැත. නමුත් එයවත් මේ වනවිට අරළිය මැදුරට දැනුනේ නැත. එය කිසි දිනක දැනේන්නේ නැත. ඒ තරමටම එය මිනිස් රුධිරයට වහ වැටි ඇතැයි වරෙක හැ`ගී යනු නිසාය.
එපමණක් ද නොවේ ඇන්ටනී වෙඩි තබා මරා දමන තෙක් ශාන්ත සෙබස්කතියන් මුනිවරයාගේ සුරුවම ද බලා සිටියේ ය. එසේම අධිකරණ විනිසුරුවරයාගේ නිවසද, ඉහල පොලිස් නිළධරයෙකුගේ නිවස ද ඒ අසලම වුවත් ඇන්ටනී වෙඩි කා වැල්ල සිප ගනිද්දී බලා සිටියේ ය. ඒසේ වුවත් පසුව ආණ්ඩුවේ හෙංචයියං සිදු වූ දෙය අල්ලස් දී සමනය කරන්නට උත්සහ ගත්තේ විලි ලැජ්ජහවක් නැති මුග්ධ රුළක් මෙනි. ඒ අන් කිසිවක් නිසා නොව මිනිස් ජීවිතය මිළ කළ හැකි යැයි චින්තනය සිතා සිටන නිසා විය හැකිය.
දැන් ඇන්ටනීගේ බිරි`දට තම ආරණීය සැමියා නැත. අසරණ වූ දරුවන් දෙදෙනාට තම පියා නැත. එගොඩවැල්ලේ ඇන්ටනීගේ සමීපතමයින්ට සහෝදරයෙක්, මිතුරෙක් නැත. ඒත් තවමත් ලාංකීය දූපතේ සියලූ වේදනා මැද ආඩම්බරකාර තාත්තා දේශප්‍රේමය ගැන වැදි බණ දෙසමින් සිටී. ඒත් තම ජීවිතය වෙනුවෙන් වීථී බට ජනයාගේ කම්පනය ආණ්ඩුවේ මූනිස්සමෙන් යටකර දැමිය හැකිය යන මූසල සිතුවිල්ල ඉතා ඉක්මනින් විථී බට ජනයා විසින්ම සුනු විසුනු කරන කාලය නම් වැඩි ඈතක නැත.


Source - lankanewsweb.com

Share this article with your friends