අධිකරණයට අපහාස විය හැකි එවැනි යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන පුද්ගලයාද වරදකරුවෙකු විය හැකි බව ශ‍්‍රී ල.නි.ප මහලේකම්වරයාගේ විශ්වාසය වී තිබේ. මේ අවස්ථාවේ වඩාත් සුදුසු ක‍්‍රියාමාර්ගය වන්නේ දුමින්ද මන්ත‍්‍රීවරයා වෙනුවට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ රත්මලාන ආසන සංවිධායක, හිටපු නියෝජ්‍ය අමාත්‍ය චන්දන කත‍්‍රිආරච්චි මහතා පාර්ලිමේන්තුවට පත්කිරීම බවත් ඇමතිවරයා අවධාරනය කර සිටී.
මෛත‍්‍රීපාල අමාත්‍යවරයා මෙම කාරණා අවධාරනය කොට ඇත්තේ සන්ධානයේ මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකු ඊයේ දහවල් හමුවූ අවස්ථාවේදීය.
දුමින්ද සිල්වා මහතාට තවදුරටත් නිවාඩු අනුමත නොකිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබුණද, හදිසියේ ඇතිවූ තත්ත්වයන් සැලකිල්ලට ගෙන එම තීරණය වෙනස් කර තිබේ. ඒ අනුව දුමින්ද මන්ත‍්‍රීවරයාට මාස තුනක නිවාඩු අනුමත කිරීම සඳහා අවශ්‍ය කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා තමපුත් නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයාට ඊයේ පෙරවරුවේ දැනුම්දි තිබිණ.
ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ එම තීරණය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ගේ දැඩි විරෝධයට හේතුවී තිබේ.

Source - lankanewsweb.com