නිවාඞ් කබ්රාල් මහතාගේ මෙම රියදුරා, බැංකු රැකියාවක් ලබාදෙන බව පවසමින් පාර්ලිමේන්තුවේ සේවය කරන මාකොල ජයන්ත නැමැත්තාගෙන් ලක්ෂ 28 ක අත්තිකාරම් මුදලක් ලබාගෙන ඇත. එම මුදල ලබාගත්තද රැකියාවට අදාල පත්වීමේ ලිපියක් ලබාදීම මාස ගණනාවක් තිස්සේ පමා කිරීම හේතුවෙන්, මාකොල ජයන්ත මහතා ඒ පිළිබදව කොළඹ කොටුව සුලූ අපරාධ අංශයට පසුගිය බ‍්‍රහස්පතින්දා පැමිනිල්ලක් කර තිබේ.
එම පැමිණිල්ල ලැබූ වහාම ඒ සම්බන්ධයෙන් සොයාබලා ඇති එම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක ජයතිලක මහතා, මහබැංකු අධිපතිගේ රියදුරා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. එහෙත් ජනාධිපති කාර්යාලයෙන් ලැබුණු නියෝගයක් මත අධිකරනය විසින් එම රියදුරා ඇපමත නිදහස් කර තිබේ.
රියදුරා එසේ පගාගනිද්දී මහබැංකු අධිපතිවරයා, රුපියල් කෝටි ගණනක මුදල් වැයකොට හම්බන්තොට ගුවන් තොටුපොල ඉදිකෙරමින් පවතින ස්ථානය අසලින් අක්කර 200 ක ඉඩමක් මිලදී ගෙන තිබේ.
Source - lankanewsweb.com