Chitika Smowtion 468x60


Thursday, March 8, 2012

ජිනීවා නුවරින් නැසුණු කතා


එක්සත් ජාතීන්ගේ මානව හිම්කම් සමුළුව පසුගිය පෙබරවාරි 29 වන දින ආරම්භ වූ අතර එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 52 කින් යුත් නියෝජිත පිරිසක් එහි ගොස් ඇත.

එම 52 කින් යුත් කණ්ඩායමේ නායකත්වය අමාත්‍යය මහින්ද සමරසිංහ මහතාට හිමිවූ නිසා විදේශ අමාත්‍ය ජී. එල් පීරිස් මහතා සිට ඇත්තේ අමනාපයෙනි.

මානව හිමිකම් සමුළුවේදී ලංකාවට ගෙන ඒමට නියමිත යෝජනාව ගැන දැනගත් පසු ගිය වසරේ සිට රට රටවල් වලට සංචාරය කරමින් මේ පිලිබඳ දැනුවත් කොට ඔවුන්ගේ සහාය ලබාගැනීමට ජී.එල් පීරිස් මහතා ක්‍රියාකොට තිබුණි. නමුත් සමුළුවේ කතාව හා නායකත්වය ලබා දීමේදී ජී.එල් පීරිස් මහතා කොන්වී තිබුණි.

මෙහිදී ආරම්භක දේශනය පවත්වන්නේ කව්රුන්ද යන වග පිලිබඳ වාද විවාද පැවතුන අතර ඇතෙමෙකුගේ අදහස වුයේ මෙම කතාව ජී. එල් පීරිස් මහතාට ලබාදිය යුතු බවය. නමුත් තවත් පිරිසක් යෝජනා කලේ එය මහින්ද සමරසිංහ මහතාට දිය යුතු බවය.

නමුත් ජනාධිපතිවරයා මේ පිළිබඳව සිටියේ වෙනත් ස්ථාවරයකය. ජනාධිපතිතුමාගේ අදහස වුයේ ජිනීවාහි සිටින ශ්‍රී ලංකා තානාපති දමිල ජාතික තමාර කුනනායගම් මෙයට සුදුසු බවය. භාෂා හතක් ඇයට හැකි වීම මෙහිදී අමතර සුදුසුකමක් ලෙස සැලකුණි.


නමුත් ඒ වනවිටත් සමුළුවේ න්‍යාය පත්‍රයේ මහින්ද සමරසිංහ මහතාගේ නම සඳහන් වී තිබීම නිසා එම තීරණය ගැනීමට නොහැකි විය.

කෙසේ නමුත් මෙම හේතුව නිසා ජී.එල් පීරිස් සහ මහින්ද සමරසිංහ අමාත්‍යවරයා අතර ඇතිවතිබුනේ සිතල යුද්ධයකි. එහි ප්‍රතිඵලයක් ලෙස ජී.එල් පීරිස් මහින්ද සමරසිංහගේ වැරදිත්, මහින්ද සමරසිංහ ජී.එල් පිරිසගේ වැරදිත් දුරකතනයෙන් ජනපති වෙත වාර්තා කිරීම දෙදෙනා අතින්ම සිදුවිය.

මේ හේතුවෙන් ජනපතිට නිතර නිතර දුරකථන ඇමතුම් ලැබෙන්න විය. ඒ එක්කෝ ජී.එල් ය. නැත්නම් මහින්දය. එකිනෙකාගේ වැරදි ඇසීම එපාවූ කල ජනපති විසින් ජී.එල් අප්‍රිකාව බලා පිටත්කර යවා ඇත.

එහිදී දිගින් දිගට තමාට සිදුවූ මදි පුංචිකම් ගැන කලකිරුණු ජී.එල් පීරිස් සමුළුව අතරමගදී ලංකාවට පැමිණීමට තීරණය කර ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන් රජය විසින් ජී.එල් පීරිස් මහින්ද සමරසිංහ ඇතුළු පිරිස ලංකාවට ගෙන්වා ගත් අතර සමුළුවේ ඉදිරි වැඩකටයුතු තමාර කුනනායගම් මහත්මියට පවරා ඇත.

සමුළුව සඳහා ගිය බොහෝ දෙනෙක් මෙය රට ගැන තීරණාත්මක අවස්ථාවක් බව අමතක කොට තිබුණි. සාප්පු සවාරියේ යාම, විනෝදයෙන් පසුවීම, තමාගේ තනතුර වෙනුවෙන් කුලල් කා ගැනීම, ගණිකාවන් කරා යාම එම ගමන පුරා දැකගත හැකිවූ දේවල් වේ.

ජිනීවා සමුළුව ආවරණය කිරීමට මෙරටින් ගෙනගොස් සිටියේ සුළු මාධ්‍යය වේදීන් පිරිසකි.ඔවුන්ට සමුළුව හා ඒ ආසන්නේ පැවැත්වෙන උද්ඝෝසණ පවා ආවරණය කිරීමට නොහැකි විය.

මේ අතර ලංකාවේ ගොස් සිටි මාධ්‍ය වේදීන් දෙදෙනෙකු ජිනීවා නුවර හෝටලයක් ගණිකා පහස ලැබීමෙන් අනතුරුව ගැටළුවක් මතුවී තිබේ. ඒ ඔවුන් ගණිකාවන් හට ගෙවූ මුදල ප්‍රමාණවත් නොවූ හෙයින් කළමනාකාරිත්වය ඔවුන් රඳවා ගැනීමත් සමගයි.

කෙසේ නමුත් ශ්‍රී ලංකාවෙන් ගිය කණ්ඩායමේ නියෝජිතයෙක් පැමිණ ඔවුන්ගේ හිඟ මුදල ගෙවා ඔවුන් බේරාගෙන ගොස් ඇත.








Source: http://www.gossip9.com/2012/03/blog-post_6580.html#ixzz1oWFeXLcZ

Share this article with your friends