ඒ අනුව ලංකාවේ ප්‍රසිද්ධ කෝවිල් කිහිපයකට ගොස් ඇති සෝනු නිගම් හට එම ප්‍රසංගයේ සංවිධායකයන් විසින් ජනපතිගේ පෞද්ගලික වෛද්‍යවරයා හමුවීමට අවස්ථාව ලබා දි ඇත.
මෙහි සියලු සම්බන්ධිකරණ කටයුතු කරන ලද්දේ අනර්කලී ආකර්ෂා විසිනි. නමුත් මෙහිදී ජනපතිගේ පෞද්ගලික වෛද්‍යවරයා කව්රුන්ද යන වග තවමත් පැහැදිලි නැත. පසුගියදා දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලේ "ජනාධිපතිවරයාට සීමාවූ පෞද්ගලික වෛද්‍යවරයෙකු" නොමැති බවත් එක් එක් අවස්ථා වලදී විවිධ වෛද්‍යවරුන් සිටින බවකි.
පසුගියදා සෝනු නිගම් ජනපති හමුව මාධ්‍යය ඔස්සේ වාර්තා කලද ජනාධිපතිවරයාගේ පෞද්ගලික වෛද්‍යවරයා විසින් සෝනු නිගම්ගේ මවට ප්‍රතිකාර කිරීම පිලිබඳ එහිදී සඳහන් නොවිණි.
එසේ නම් සෝනු නිගම්ගේ මවට ප්‍රතිකාර කලේ රටම නිරුවත දන්නා රජ ගෙදර නිල නොවන වෙදැදුරු ඊලියන්ත වයිට් ද ?