Chitika Smowtion 468x60


Thursday, March 8, 2012

ගනේගලටත් ජනපතිගෙන් කුනු බැනුම්


ගීත හා ගීත වීඩියෝ පට විමර්ශනය සඳහා පාලක මණ්ඩලයක් පත්කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල සංදේශයක් කෙටුම්පත් කළ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.පී. ගනේගල මහතා එය ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ අවස්ථාවේදී, ජනාධිපතිවරයා ඔහුට බැනවැදී එළවාගෙන තිබේ.
ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ඒකාබද්ධ යෝජනාවක් ලෙස එම අමාත්‍ය මණ්ඩල සංදේශය කෙටුම්පත් කර තිබී ඇත.

‘‘මගේ ඉහ ගිනිඅරන් ඉන්න වෙලාවේ, තමුසේ සුරුට්ටු පත්තුකරන්න ආවා’’ දැයි විමසා ඇති ජනාධිපතිවරයා ගනේගල මහතාට බැනවැදී ඇත්තේ මේ දවස්වල අනවශ්‍ය ප‍්‍රශ්න ගෙන ඒමෙන් වලකින ලෙස දැඩි ලෙස අවවාද කරමිනි.


වයස අවුරුදු 63ද ඉක්මවා සිටින ගනේගල මහතා තවත් සේවා දිගුවක් ලබාගැනීමට ජනාධිපතිවරයාගේ හිතදිනා ගැනීම සඳහා මේ වනවිට තවත් යෝජනා ගණනාවක් තම හිතවතුන් සමග එක්වී කෙටුම්පත් කරමින් සිටි.



Source - lankanewsweb.com

Share this article with your friends