ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා සමග අමනාපයකින් පසුවන බව අරලියගහ මන්දිර ආරංචි මාර්ගවලින් වාර්තා වේ. තම ජ්‍යෙෂ්ඨ පුත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් පවරනු ලැබූ රාජකාරි කිහිපයක් ක්‍රීඩා ඇමතිවරයා නොසලකා හැර තිබීම එම අමනාපයට හේතුවී තිබේ.
පසුගිය දා කොටුව දුම්රියපොල ඉදිරිපිට පැවැත්වීමට නියමිතව තිබී පසුව ලිප්ටන් වටරවුම අසල සංවිධානය කර තිබූ මාධ්‍ය වේදීන්ගේ උද්ඝෝෂණයට පහර දෙන ලෙස නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් කළ නියෝගය මහින්දානන්ද ඇමතිවරයා විසින් නොසලකා හැර තිබීම ජනාධිපතිවරයාගේ අමනාපයට ආසන්නතම සිදුවීම බව ඉහත ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි.
මාධ්‍යවේදීන්ට පහරදීම සඳහා ‘නිල් බලකායේ’ තරුණයින් 63 දෙනෙකු ක්‍රීඩා අමාත්‍යාංශය වෙත එවා තිබූ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා, ඔවුනට හොකී පිති හා පොලූ ලබාදෙන ලෙසත් ඔවුන් කටයුතු කරන ආකාරය ඒ අසලටම ගොස් වාර්තා කරන ලෙසත් ක්‍රීඩා අමාත්‍යවරයා වෙත දැනුම්දී තිබී ඇත. එහෙත් තමාට දුමින්දට හා මර්වින්ට අත්වූ ඉරණමට මුහුණ දිය නොහැකි බව කියමින් එම කටයුත්ත වෙනත් අයෙකුට පවරන්නැයි ක්‍රීඩා ඇමතිවරයා, නාමල් මන්ත්‍රීවරයාට පවසා තිබේ.
ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතාට ප්‍රසිද්ධියේ පහර දෙන ලෙස ඩිලාන් පෙරේරා අමාත්‍යවරයාට නාමල් මන්ත්‍රීවරයා නියෝග කොට ඇත්තේ ඉන් අනතුරුවය. එහෙත් මහින්දානන්ද සහ ඩිලාන් යන අමාත්‍යවරුන් සමීපතම මිතුරන් වනහෙයින් රාජපක්ෂවරුන්ගේ නියෝග සම්බන්ධයෙන් ඉදිරියේදී කටයුතු කළ යුතු ආකාරය පිලිබදව ඔවුන් නිශ්චිත එකඟතාවයකට පැමිණ තිබේ.
Source - lankanewsweb.com