Chitika Smowtion 468x60


Monday, March 26, 2012

සිත ගිය තැන පෙම් මාලිගාව ඉදිවේ


දෙඇස් අහිමි වී දකුණු අත ද අහිමි වූ පස්වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ සේවය කරන මිහින්තලේ ලාන්ස් කෝප්‍රල් චරිත් කුලරුවන් කුලතිලක මහතාගේ විවාහය ඊයේ සිදු වුණා.

2008 වර්ෂයේ කිලාලි ඉදිරි ආරක්ෂක වළල්ලේ දී බෝම්බයකට අසුවී ජීවිතය බේරා ගත්තත් දෙඇස සහ දකුණු අත අහිමි වූ චරිත් සිටියේ රාගම රණවිරු සෙවණේ.

බසයේදී දැන හඳුනාගත් රාගම පදිංචි සුවනි සෙව්වන්දි (19) මෙනවිය ඔහුගේ තොරතුරු විමසා අනතුරුව ඔහු අත ගැනීමට කැමැත්ත පළ කර සබඳතාවක් පවත්වා තිබූ අතර විවාහය සිදු වුනේ අනුරාධපුර අභිමංසල නිවාඩු නිකේතනයේදී.

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ සංකල්පයකට අනුව මෙම විවාහය සිදු කෙරුණ බව දිනමිණ පුවත්පත පවසයි.








Source: http://www.gossip9.com/2012/03/blog-post_26.html#ixzz1qDqeW7wy 

Share this article with your friends