Chitika Smowtion 468x60


Tuesday, March 27, 2012

දිනමිණ රාතී‍්‍ර කර්තෘට සම කර්තෘ පහරදෙයි


දිනමිණ පුවත්පතෙහි රාත්‍රි කර්තෘවරයෙකු වන ප්‍රබුද්ධි රණසිංහට එම පුවත් පතෙහිම සේවය කරන සම කර්තෘ ගාමිණී ජයලත් පහර දී ඇති බව වාර්තා වෙනවා.

මෙම සිදුවීමට මූලික වී ඇත්තේ ඔහු විසින් සංස්කරණය කරන ලද මුද්‍රණය වීමට නියමිතව තිබූ පිටුවක් රාත්‍රී කතෘවරයා විසින් දිනමිණ  පුවත්පතෙන් ඉවත් කිරීමයි.

බහින්බස් වීමකින් පසුව ආයතනය තුලදීම ප්‍රබුද්ධි රණසිංහ හට ගාමිණී ජයලත් පහරදීම නිසා මේ වනවිට ඔහු කොළඹ ජාතික රෝහලේ 55 වාට්ටුවේ ප්‍රතිකාර ගනිමින් සිටිනවා.

පහරදුන් ගාමිණී ජයලත් ටෙලිනාට්‍ය රංගන ශිල්පියෙක් ලෙසද කටයුතු කරන අතර කුස පබා චිත්‍රපටයේ ඝෝෂකගේ චරිතයට රංගනයෙන් දායක වී ඇත්තේ ඔහුය. මීට අමතරව "ඇතුවත් බෑ නැතුවත් බෑ", "අග්නිදාහය" යන චිත්‍රපට වලත්, "ආදරෙයි අහස තරම්", "බවසරණ", "සඳට අහස ආදරෙයි" යන ටෙලිනාට්‍ය වලටත් ඔහු පෙනී සිට තිබෙනවා.

පහරදුන් ගාමිණී ජයලත් චිත්‍රපට හා ටෙලිනාට්‍ය වල පෙනී සිටි අවස්ථා කීපයක් පහතින් .













Source: http://www.gossip9.com/2012/03/blog-post_2264.html#ixzz1qFn354Re
 

Share this article with your friends