Chitika Smowtion 468x60


Thursday, March 22, 2012

ශ‍්‍රී ලංකා කණ්ඩායම බංගලිදේශය වෙතින් පරාජයවීම ගැන ‘මරා’ ප‍්‍රීතියෙන් ?


අසියානු කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පැවති තරගයෙන් ශ‍්‍රී ලංකාව පරදා බංගලිදේශය ජයගෙන ඇති බව වාර්තා වීමත් සමග ජනාධිපතිවරයා එකවර ප‍්‍රමෝදයට පත්වූ බව ජනාධිපති කාර්යාලයේ නිලධාරියෙකු අප වෙත පැවසීය.
එම තරගාවලියෙන් ශ‍්‍රී ලංකාව පරාජයට පත්වීමත් සමග ඉන්දියාවටද අවසන් තරගය අහිමි වී යාම ජනාධිපතිවරයාගේ එකී ප‍්‍රමෝදයට මූලික හේතුව වී තිබේ.

ආසියානු කුසලාන තරගාවලිය නැරඹීමට ගොස් සිටින ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උපසභාපති හිරන්ත පෙරේරා මහතා ශ‍්‍රී ලංකාව ලද පරාජය පිළිබදව අරලිය ගහමන්දිරයේ නිලධාරිනියකට වහාම දැනුම්දී ඇති අතර ඇය එම පුවත ජනාධිපතිවරයා වෙත සැලකර තිබේ.

‘‘ඇත්තටම මට හරිම කාලකන්නි සන්තෝශයක් තියෙන්නේ. අපේ එවුන් මේ තරගයෙන් දිනුවත් ගෙදර එන්න වෙන එකේ, බංගලිදේශය දිනපු එකෙන් ඉන්දියානුවන්ට ගෙදර යන්න සිදුවෙච්ච එක හොදටම හොදයි’’ යැයි පවසා ඇති ජනාධිපතිවරයා, ‘‘මට ඔය ඉන්දියන් කාරයෝ පෙන්නන්න බැහැ’’ යැයිද පවසා ඇත.

අරලිය ගහ මන්දිරයට එම පරාජයේ පනිවිඩය දැනුම්දුන් හිරන්ත පෙරේරා මහතා දඹුල්ල ක‍්‍රිකට් ක‍්‍රීඩාංගනයට පුටු සැපයීමේදී රුපියල් දහස් ගණනින් වංචා කර ඇති බවට තහවුරුවීමෙන් පසු ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයෙන් නෙරපා හැරි අයෙකි. එහෙත් ක‍්‍රිකට් ආයතනයේ සභාපති උපාලි ධර්ම්දාස මහතාගේ කණ්ඩායම යටතේ නිලවරනයට තරගකොට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් භාණ්ඩාගාරයේ උපසභාපති ලෙස තේරී පත්විය.

Source - lankanewsweb.com

Share this article with your friends