මෙම නිවස විදේශයෙන් ආනයනයන කරන ලද අනර්ඝතම බඩු බාහිරාදිය යොදා නිමකර ඇති අතර එහි නානාකමාර කට්ටල සඳහා පමණක් රුපියල් මිලියන 35කට වැඩි මුදලක් වැය වී ඇති බව වාර්තාවේ. මෙම නිවස ඉදිකිරීම සඳහා ප්‍රසිද්ධ කැසිනෝ ව්‍යාපාරිකයින් වන ධම්මික පෙරේරා මහතා සහ රවී විෙජ්රත්න මහතාද උදව් උපකාර කර තිබේ.
ගාමිණී සෙනරත් මහතා ජනාධිපතිවරයාගේ හා ඔහුගේ පවුලේ අයගේ මුදල් ස්විස් බැංකුවල තැන්පත් කිරීම් බාරව කටයුතු කරන පුද්ගලයා වේ. ජනාධිපතිවරයාගේ මුදල් මැදපෙරදිග රටවල ආයෝජනය කොට ඇත්තේ පර්ලිමේන්තු මන්ත්‍රී සචින් වාස් ගුණවර්ධන මහතාය.
ආණ්ඩුවේ මෙහෙයුම යටතේ සිදුකරන සියලූම ජාත්‍යන්තර මට්ටමේ කොන්ත්‍රාත් සම්බන්ධ ටෙන්ඩර් කටයුතු ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව ජනාධිපතිවරයාට උපදෙස් දෙන්නේ ගාමිණී සෙනරත් මහතාය. ඔහු දැවැන්ත ප්‍රමාණයේ මුද්‍රණාලයක්ද පවත්වාගෙන යනු ලබයි. පාසල්වලට අවශ්‍ය සියලූම පෙළපොත් පාහේ මෙම මුද්‍රණාලයෙන් මුද්‍රණය කරනු අතර එම තත්ත්වය යටතේ නියමිත කාලවේලාවට එම පොත්පත් අධ්‍යාපන අමාත්‍යාංශයට නොහැකි වුවද එම මුද්‍රණාලයට එරෙහිව කිසිදු පියවරක් ගැනීමට අධ්‍යාපන අමාත්‍යවරයාට හෝ බලයක් නොමැත.
මීට වසර කිහිපයකට පෙරදී සාමාන්‍ය රජයේ නිලධාරියෙකු ලෙස සිටි ගාමිණී සෙනරත් මහතාව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා ලෙස පත් කරනු ලැබුවේ රනිල් වික්‍රමසිංහ මහතාගේ දෙවසරක ආණ්ඩුවේ ඇමතිවරයකුව සිට වජිර අබේවර්ධන මහතාය. ගාමිණී සෙනරත් මහතා ජනාධිපතිවරයාගේ සමීපතම ඥාතියෙකුද වේ.
ඔහුට ග්‍රෙගරි පාරේ නව නිවසට අමතරව දිවයින පුරා තවත් සුපිරි නිවාස කිහිපයක් ද හිමිව තිිබේ.
Source - lankanewsweb.com