වැඩිපුර ගෙවන්න වෙන්නේ බුලත් විඩ දෙකක මිල විතරයි!
ඊයේ (26) දිනයේදී තිරිඟු පිටි මිල රුපියල් 8.50 කින් වැඩි වීම හේතුවෙන් පාන් මිලද රුපියල් තුනත් පහත් අතර මිලකින් ඉහල දැමීමට ඉදිරියේදී තීරණය කර ඇති බව බේකරි හිමියන්ගේ හිමියන්ගේ සංගමය අද දිනයේ (27) ප්‍රකාශ කරා.
පාන් මිල ඉහල යාම පිලිබඳ විමල් වීරවංශ අමාත්‍යවරයා අලුත් සුත්‍රයක් ඉදිරිපත් කරමින් පසුගියදා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ මෙවැන්නක්.
පාන් පිටි කිලෝ එකකට රුපියල් 15 ක සෙස් බද්දක් පැනවුවහොත් ඒ මිල ඉහල යාම නිසා පාන් ගෙඩියක මිල රුපියල් පහකින් හෝ හයකින් ඉහල ගියොත් තුන් වෙලාම පාන් කෑමට සිතන අවාසනාවන්ත පවුලකට වුව වැඩිපුර වැය වෙන්නේ බුලත් විඩ දෙකක මුදල් පමණක් බව අමාත්‍යවරයා සඳහන් කරයි.
එමෙන්ම අඩුමිලට අවශ්‍ය තරම් සහල් මිලදී ගැනීමට වෙළඳපොලේ ඇති බැවින් ඔවුන්ගේ ආහාර සංස්කෘති වෙනස් කිරීමට මෙය බලපෑමක් කර හැකි බවද අමාත්‍යවරයා පෙන්වා දෙනවා.
Source: http://www.gossip9.com/2012/04/blog-post_3209.html#ixzz1tGyNwQx4