Chitika Smowtion 468x60


Saturday, April 28, 2012

ජෙනරාල්ට ඇප දීම තීරණය වන්නේ කල්ක්‍රියාව මතලූ!


ජෙනරල් සරත් ෆොන්සේකා මහතාට ඇප ලබාදීම තීරණය වන්නේ ඉදිරි දින කිහිපයේදී ඔහුගේ කල්ක්‍රියාව මත යැයි ජනාධිපතිවරයා පැවසූ බව ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා, ජාතික පුවත්පතක මාධ්‍යවේදියෙකුට දකුණු කොරියාවේ සිට ඊයේ පවසා තිබේ.
ෆොන්සේකා මහතාට එරෙහිව දෙවන යුද අධිකරණය විසින් ලබා දුන් මාස 30ක සිර දඬුවම 26වනදා අවසන් වූ බැවින් ඔහුට එරෙහි අනෙකුත් නඩු සම්බන්ධයෙන් ඇප අයැදුම් කළ හැකි බැවින්, ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියා මාර්ග පිළිබඳව අදාළ මාධ්‍යවේදියා කළ විමසීමේදී අලහප්පෙරුම ඇමතිවරයා එම කාරණය සඳහන් කර ඇත. එසේම එම කාරණය පුවත්පතෙහි පළ නොකරන ලෙස ද ඇමතිවරයා එකි මාධ්‍යවේදියාගෙන් ඉල්ලා තිබේ.
ජෙනරාල්වරයා ඉදිරි දින කිහිපය තුළදී කිසියම් හෝ නම්‍යශීලීතාවයක් පෙන්නුවහොත් ඔහුට ඇප ලබාදෙන ලෙස නීතිපතිවරයාට දැනුම් දීමට ජනාධිපතිවරයා බලාපොරොත්තුව සිටින බවද අලහප්පෙරුම අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත.
ජනාධිපතිවරයා හා ආරක්ෂක ලේකම්වරයා, ජෙනරාල්වරයාගෙන් එවැනි නම්‍යශීලීතාවයක් බලාපොරොත්තුවුද ඔහු පසුගියදා නවලෝක රෝහලේදී ද රාජපක්ෂ පාලනය දැඩි ලෙස විවේචනය කරනු ලැබීය.
කෙසේ වුවද ෆොන්සේකා මහතාගේ නීතිඥවරු ඔහුට ඇප ලබාදෙන ලෙස ඉල්ලා ඊයේ අධිකරණයට අයැදුම්පතක් යොමු කර ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, ජනාධිපති නීතිඥ විෙජ්දාස රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසා ඇත්තේ ෆොන්සේකා මහතාට ඇප ලබා දීමේ නීතිමය අවකාශයක් අධිකරණයට තිඛෙන බවයි. එහෙත් එය තීරණය වන්නේ එම පෙත්සම විමසා බලන විනිසුරුවන්ගේ අභිමතය මත බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ. එහෙත් මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ මානවහිමිකම් සම්බන්ධව තරුණ නීතිඥයකු කියාසිටියේ වර්තමානයේදී දේශපාලන කාරණයක්දී නීතියේ සහනයක් පෙනීමට අනිවාර්යයෙන්ම ජනාධිපතිවරයාගේ ආශිර්වාදය හිමිවියයුතු ඇති බවයි.

Source - lankanewsweb.com

Share this article with your friends