ඉඩම් අමාත්‍යවරයාට අදාළ මෙම ලිපිගොනුව ඊයේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂකවරයා විසින් සහකාර පොලිස් අධිකාරීවරයෙකු වෙත යොමු කොට ඉහත කී චෝදනා සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදු කොට එම වාර්තාව දින 14 ක් තුළදී තමා වෙත යොමු කරන ලෙස නියෝග කොට තිබේ.
ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට විරුද්ධව මෙම පරීක්‍ෂණය පවත්වන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට රජයේ ඉහළම තැනකින් නියෝග ලැබී ඇති අතර, ඊට අමතරව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප‍්‍රබල පුද්ගලයින් වන තිලංග සුමතිපාල, සුසිල් පේ‍්‍රම්ජයන්ත, ඒ.එච්.එම්. ෆවුසි, ජෝන් සෙනෙවිරත්න, නිමල් සිරිපාලද සිල්වා සහ අනුර යාපා සම්බන්ධයෙන්ද ලිපිගොනු සූදානම් කොට තබා ගන්නා මෙන් වැඩිදුරටත් නියෝග ලැබී තිබේ.
Source - lankanewsweb.com