රවි චන්ද්‍රන් නොහොත් ‘සෙල්ටෙල් රවී’ මෙසේ පැහැර ගැනීමට හෝ අත්අඩංගුවට ගැනීමට නියෝග නිකුත් වී තිබෙන්නේ රජයේ බුද්ධි අංශ විසින් ඔහුව ‘ඩබල් ඒජන්ට්’ කෙනෙකු වශයෙන් හඳුනාගෙන තිබීමයි.
රජයේ ප‍්‍රබල දේශපාලනඥයින්ගේ නීත්‍යානුකූල නොවන ගණුදෙනු සහ වෙනත් අයථා කි‍්‍රයාවලට සකී‍්‍රයව මැදිහත් වෙමින් ඔවුන්ගේ හොඳ හිත දිනා ගන්නා ‘සෙල්ටෙල් රවී’. පසුව ඒ පිළිබඳව සියලූ තොරතුරු විපක්‍ෂ දේශපාලනඥයින්ට සහ විකල්ප මාධ්‍යයන්ට ලබා දෙමින් ඔවුන්ගේ සුරතලකු බවට පත්වේ. මේ බව කාලයක් තිස්සේ විමර්ශනය කොට ඇති රජයේ බුද්ධි අංශ ඔහු නිත්‍ය වශයෙන්ම ‘ඩබල් ඒජන්ට්’ කෙනෙකු බව තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඔහු පිළිබඳව වාර්තාවක් ආරක්‍ෂක ලේකම්වරයා වෙත යොමු කොට තිබේ.
මොහුගේ කි‍්‍රයාකාරකම් පිළිබඳව කටඋත්තරයක් ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඔහු කැඳවන වාරයක් පාසා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා ආරක්‍ෂක ලේකම්වරයාට කතා කොට සිද්ධිය යටපත් කරන හෙයින් ආරක්‍ෂක ලේකම්වරයා විසින් ඔහු යටතේ කි‍්‍රයාත්මක වන සුදු වෑන් ඒකකයට ‘සෙල්ටෙල් රවී’ පිළිබඳව කටයුතු කිරීම පවරා දී තිබේ.
Source - lankanewsweb.com