ඊට හෙතුවි ඇත්තේ ඊයේ පාන්දර 2.30 ට පමණ මෙරට ප්‍රකට ජ්‍යොතීර්වේදියෙකු , මහෝපාද්‍ය වැලිවිටියායේ කුසලධම්ම නාහිමියන් සමඟ ජනාධිපතිවරයා දුරකතනය ඔස්සේ කල සාකච්ඡාවකින් පසුවය. ජනාධිපතිවරයාට කාලි මෑණියන්ගෙන් මහත් බලවත් අපලයක් තිබෙන බැවින් , දඹුල්ලේ කාලි කෝවිලට යම් හානියක් සිදුවුවහොත් එය ජනාධිපතිවරයාට ඉතා අසුභ බවත්, එය අනතුරකට හේතුවිය හැකි බවත් එසේම, මැයි 09 වෙනිදා සිදුවන ගුරු මාරුවේදී තදබල අසුභ තත්ත්වයන්ට ජනාධිපතිවරයා ලක්වීමට හේතු විය හැකි බවත් ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.
පසුව අද උදෑසනම පොලිස්පතිවරයාට ජනාධිපතිවරයා අණකර ඇත්තේ, කාලි කෝවිලට දැඩි ආරක්ෂාව සපයන ලෙසය. ඒ අනුව දඹුල්ලේ ආගම්වාදය ඇවිස්සූ ජනාධිපතිවරයාම කාලි මෑණියන්ගේ ශාපයට බියෙන් විශේෂ කාර්යය බලකාය සමග ත්‍රිවිධ හමුදාවේම ආරක්ෂාව කාලි කෝවිලට සපයා ඇත. මිට අමතරව ජනාධිපති ආරක්ෂක අංශයේ සමාජිකයන් දෙදෙනෙකුද එ සමග ආරක්ෂාවට යොදවා ඇති බවද වාර්තා වේ.
Source - lankanewsweb.com