Chitika Smowtion 468x60


Friday, April 13, 2012

අවුරුදු උදාවෙද්දී පොලිස් පොඞ්ඩන් 2800කට ස්ථාන මාරු


සිංහල අලූත් අවුරුද්ද උදා වෙමින් තිබියදී වහාම ක‍්‍රියාත්මක වන පරිදි, උප පොලිස් පරීක්‍ෂක ශ්‍රේණියෙන් පහළ පොලිස් සේවයේ සාමාජිකයින් 2800කට ආසන්න පිරිසකට හදිසි ස්ථාන මාරුවීම් ලබාදීම බලවත් අසාධාරණයක් බව ‘‘පොලිස් පොඞ්ඩෝ’’ සංවිධානයේ ක‍්‍රියාකාරිකයෙකු අප වෙත පැවසීය.
වසර 03ක් අඛණ්ඩව එක් පොලිස් ස්ථානයක සේවය කළ ඕනෑම නිලධාරියෙකු වෙනත් පොලිස් ස්ථානයකට මාරු කර යැවීම නීත්‍යානුකූල වුවද අලූත් අවුරුද්ද උදාවෙමින් තිබියදී සිදු කරනු ලබන මෙවැනි ස්ථාන මාරුවීම් හේතුවෙන් තමන්ගේ දරුපවුල් අසරණ තත්ත්වයට පත් වී ඇතැයි ඔහු පැවසීය.
 
මෙම ස්ථාන මාරුවීම් අලූත් අවුරුද්ද නිමාවෙන් පසු සලකා බලන ලෙස පොලිස්පතිවරයා වෙත සානුකම්පිත ඉල්ලීමක් කළ බවත්, මේ සම්බන්ධයෙන් ස්ථාන මාරුවීම්වලට ලක් වූ පොලිස් නිලධාරීන් පොලිස්පතිවරයාට එවූ ලිපි පොලිස් මූලස්ථානයේ කාමරයක් තුළ අඩි දෙකහමාරක් පමණ ගොඩගසා ඇති බවත් ඔහු සඳහන් කළේය. එහෙත් ඒ කිසිදු ඉල්ලීමකට පොලිස්පතිවරයාගෙන් සානුකම්පිත ප‍්‍රතිචාරයක් නොලැබී ඇති අතර, අපේ‍්‍රල් 10 වැනිදා සිට එම ස්ථාන මාරුවීම් වහා ක‍්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයා යළි නියෝග කර තිබේ.
පොලිස්පති එන්. කේ.ඉලංගකෝන් මහතා දක්‍ෂ නිලධාරියෙකු වුවද පොලිස් පෙඞ්ඩන්ගේ සානුකම්පිත ඉල්ලීම් කෙරෙහි කිසිදු විටෙක සංවේදී නොවන බවත් අප වෙත කියා සිටි එම පොලිස් නිලධාරියා ඒ පිළිබඳ ඉතිහාස ගත කාරණයක් ද සඳහන් කළේය.
එන්. කේ. ඉලංගකෝන් මහතා පොලිස් විශේෂ කාර්ය බලකායේ නියෝජ්‍ය අණ දෙන නිලධාරියා ලෙස පොතුවිල්, ආරුගම්බේ සේවය කළ සමයේ, විශේෂ කාර්ය බලකායේ කොස්තාපල් වරයෙක් තමාගේ බිරිඳට දරු ප‍්‍රසූතියට දින කීපයක් ඇති බැවින් ඒ සඳහා දින දෙක තුනක නිවාඩුවක් ලබා දෙන ලෙස ඉලංගකෝන් මහතාගෙන් ඉල්ලා තිබේ. ඉලංගකෝන් මහතා එම ඉල්ලීම දැඩිව ප‍්‍රතික්ෂේප කොට කොස්තාපල්වරයා පළව ාහැර ඇත. එයින් කණස්සල්ලට පත්් කොස්තාපල්වරයා සියදිවිහානි කර ගෙන තිබේ.

Source - lankanewsweb.com

Share this article with your friends