Chitika Smowtion 468x60


Friday, April 13, 2012

මේනක රගපාන සෑම ටෙලියකටම රඟපාන්න නෙහාරා පොරකනවලු


සිහින පියාපත් ටෙලියේ උදාරිගේ චරිතයට එක්වීමට නෙහාරා දැඩි  උත්සාහය...


ටෙලි නිළියක්, නර්තන ශිල්පිනියක් හා නිවේදිකාවක් වන නෙහාරා පිරීස් හා මේනක රාජපක්‍ෂ අතර හාදකමක් ඇතැයි යන කාරනාව මේවන විට ප‍‍්‍රසිද්ධ රහසක් බවට පත්ව තිබේ.


මෙහි අලූ‍ත්ම තත්ත්වය මේවන විට නෙහාරාට මේනක නැතිවම බැරිවීම බව වාර්තා වේ.


ඒ අනුව මේනක රගපාන සෑම ටෙලියකටම සම්බන්ධවීමට නෙහාරා පොරකන බවද පැවසේ.



එහි අලුත්ම තත්ත්වය මතුව ඇත්තේ ස්වාධීන රූපවාහිනියේ විකාශයව වන සිහින පියාපත් ටෙලියේ උදාරි වර්ණකුලසූරිය රගපාන චරිතයට එක්වීමට නෙහාරා උත්සාහ කිරීම බව වාර්තා වේ.


උදාරි මේවන විට මවක් වීමට ලකලැහැස්ති වන බැවින් සිහින පියාපත් ටෙලියෙන් ළගදීම ඇය ඉවත්වීමට නියමිත බව පැවසේ.


අලු යට ගිනි පුපුරු මෙන් විටින් විට ඇවිලෙමින් නිවෙමින් තිබූ මේනක රාජපක්ෂ හා ඔහුගේ බිරිය විරංගි අතර ගැටුම් මේවන විට දික්කසාදයක් දක්වා දුරගොස් ඇතැයි ද මේ අතර, වාර්තා වේ.


කෙසේවුවද මේනක හා විරංගි විවාහවූයේ තෙවසරක පේ‍‍්‍රමසම්බන්ධයකින් පසුව බවත් පැවසේ.මේ වනවිට මේනකට හා විරංගිට දියණියක් ද සිටියි.

Share this article with your friends