Chitika Smowtion 468x60


Friday, April 13, 2012

දමිතා, ඕෂධීට හූනියමක් කරලා


පුංචි කාලේ ඉදන්ම මම හොද බිරිදක් 
වෙන්න ආසාවෙන් හිටියේ...


ජනපි‍්‍රය සිනමා හා ටෙලි නිළි දමිතා අබේරත්න විසින් තවත් ජනපි‍්‍රය සිනමා හා ටෙලි නිළියක් වන ඕෂධී හේවාමද්දුමට හූනියමක් කර ඇතැයි යන සැකයක් හේතුවෙන් මෙම නිළියන් අතර පුංචි නෝක්කාඩුවක් මතුව ඇතැයි පැවසේ.


මේ හූනියම ඉවත්කර ගැනීමට ඕෂධී පසුගිය කාලයේදී කට්ටඩියන් පසුපස ගොස් ඇතැයිද මේ අතර වාර්තා වේ.


ඕෂධී, දමිතාගේ හූනියම නිසා තමාගේ රූපයට යම් හානියක් ඇතිවී ඇති බවට වන විශ්වාසයක තදින්ම එළඹසිටින බවද පැවසේ.


මේ අතර දමිතාගේ පෙම්වතා මේ දිනවල ලංකාවට පැමිණ සිටින බවත් ඔවුන්ගේ විවාහය මේ වසරේ සිදුවන බවත් වාර්තා වේ.


කෙසේ වුවද දමිතා සිය විවාහය ප‍්‍රමාදවීම සම්බන්ධයෙන් ‘පුංචි කාලේ ඉදන්ම මම හොද බිරිදක් වෙන්න ආසාවෙන් හිටියත් ඒකට සුදුසු වෙලාව එන්න  ඕනි’ යනුවෙන් මාධ්‍යට පවසා තිබිණි.

Share this article with your friends