Chitika Smowtion 468x60


Friday, April 13, 2012

ලලිත් - කූගන් පොලිස් සුබසාධක ගොඩනැගිල්ලේ


ජන අරගල ව්‍යාපාරයේ ප‍්‍රධානීන් දෙදෙනෙකු වන ලලිත් සහ කූගන් යන දෙදෙනා මේ වන විට පොලිස් සුබ සාධක ගොඩනැගිල්ලේ 06 වන මහලේ රඳවා ගෙන සිටින බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ගවලින් වාර්තා වේ.
පිටකොටුව මැනිං වෙළෙඳපොළ ඉදිරිපස නවීන ආකාරයෙන් ඉදිකළ තට්ටු 06කින් සමන්විත මෙම ගොඩනැගිල්ල විශ‍්‍රාමික නියෝජ්‍ය පොලිස්පති කෝඹලවිතාන මහතා අධ්‍යක්‍ෂ (පොලිස් සුබ සාධන) ලෙස සිටි සමයේ රුපියල් ලක්‍ෂ ගණනක මුදලක් වැය කොට ඉදිකරනු ලැබූවකි. එසේ රුපියල් ලක්‍ෂ ගණනින් මුදල් වෙන් කොට පොලිස් නිලධාරීන්ගේ සුබ සාධන කටයුතු සඳහා මෙම ගොඩනැගිල්ල ඉදිකරනු ලැබුවද මේ වන විට එම ගොඩනැගිල්ල තුළ, ආරක්‍ෂක ලේකම්වරයාගේ නියෝග මත පැහැරගෙන එනු ලැබූවන් ප‍්‍රශ්න කිරීමේ වධකාගාරයක් ලෙස ක‍්‍රියාත්මක වේ.
මෙම ගොඩනැගිල්ලේ බිම් මහළ සහ 06 වන මහල කොළඹ දිස්ත‍්‍රික්කය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා යටතේ පාලනය වේ. මෙම ඒකකයට පිවිසිය හැක්කේ නම් කරන ලද පොලිස් නිලධාරීන්ට පමණක් වන අතර, මුළු ගොඩනැගිල්ලටම විශේෂ ආරක්‍ෂාවක් යොදා තිබේ.
අනුර සේනානායක මහතා වෙනුවෙන් මෙම වධකාගාරය ‘‘අළුගෝසු පෙරේරා’’ නමැති සේනානායක මහතාට අතිශයින් හිතවත් පොලිස් පරීක්‍ෂකවරයෙකි. පොලිස් උපසේවයේ උප පොලිස් පරීක්‍ෂකවරයෙකුව සිටි මෙම පෙරේරා නැමැත්තා පොලිස් නිත්‍ය සේවයට අන්තර්ග‍්‍රහණය කර ගනිමින් කෙටි කලක් තුළදී පොලිස් පරීක්‍ෂක තනතුරට උසස් කොට ඇත්තේ ආරක්‍ෂක ලේකම්වරයාගේ නිර්දේශය මතය. කිසිදු පොලිස් පරිපාලන රාජකාරියක් නොදන්නා මෙම පොලිස් පරීක්‍ෂකවරයා, ආරක්ෂක ලේකම්වරයාගේ ‘‘අළුගෝසු ඒකකයේ’’ ක‍්‍රියාකාරී සාමාජිකයෙකි. පසුගියදා සිදු වූ පැහැරගෙන යෑම් සිද්ධීන් ගණනාවකටම මොහු සම්බන්ධය. මෙම පොලිස් පරීක්‍ෂකවරයා පිළිබඳ අපගේ වෙබ් අඩවිය පළමුවරට හෙළිදරව් කරනු ලැබුවේ 2011 ජනවාරි 27 වැනිදාය. ‘‘මාධ්‍යවේදී පොද්දල ජයන්ත මහතා පැහැරගෙන ගොස් වධ හිංසා කිරීම මෙම පොලිස් නිලධාරියාගේ මෙහෙයවීම මත සිදු වූවකි.
පසුගිය දෙසැම්බර් 09 වැනිදා යාපනයේදී පැහැරගෙන යනු ලැබූ ලලිත් - කූගන් දෙදෙනා මේ වන විට පොලිස් සුබසාධන මූලස්ථානය තුළ රඳවා ගෙන සිටින්නේ මෙම පොලිස් පරීක්‍ෂකවරයාගේ අධීක්‍ෂණය යටතේය. පොලිස් සුබසාධන ගොඩනැගිල්ලේ 06 වන මහලේ එක් කාමරයක රඳවා ගෙන සිටින ලලිත් - කූගන් දෙදෙනාගෙන් මේ වන විටත් දිගින් දිගටම ප‍්‍රශ්න කිරීම් සිදු කරනු ලබයි. ඔවුන් දෙදෙනා පිළිබඳව අභියාචනාධිකරණයට ඉදිරිපත් කර ඇති හඹයාස් කෝපස් අයදුම්පත‍්‍රය පිළිබඳ රජය නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නේ ඔවුන් දෙදෙනාට පමුණුවන ලද දරුණු කායික වධ හිංසා හේතුවෙන් ඇති වූ කැළල් හා තුවාල මේ වන විටත් මැකී ගොස් නොමැති නිසාය.
ඔවුන් දෙදෙනා ඝාතනය කොට ඇති බවට පළ වී තිබූ වාර්තා මුළුමනින්ම අසත්‍ය බව ඔවුන් දෙදෙනා පොලිස් සුබ සාධන ගොඩනැගිල්ලේ 06 වැනි මහලේ රඳවා සිටින බවත්, අප අවධාරණයෙන් යුතුව ප‍්‍රකාශ කොට සිටිමු.
එසේම පසුගියදා පැහැරගෙන යනු ලැබූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රධානීන් වන කුමාර් ගුණරත්නම් මහතා සහ දිමුතු ආටිගල මෙනෙවිය මෙම ගොඩනැගිල්ලේ පිහිටි වාහන අංගනයට යාබද රහස් කාමර තුළ රඳවාගෙන ප‍්‍රශ්න කර තිබේ. ඔවුන් දෙදෙනා නිවැරදි හඳුනා ගැනීමට ලලිත් - කූගන්ගේ සහයද ලබා ගෙන ඇත. ලලිත් - කූගන් දෙදෙනා ලබා දී තිබූ කටඋත්තර සහ කුමාර් - දිමුතු ලබා දුන් ප‍්‍රකාශ අතර පරස්පරතා තිබූ හෙයින් දීර්ඝ වශයෙන් විමර්ශනය කර තිබේ.
එසේ ප‍්‍රශ්න කිරීමෙන් අනතුරුව කුමාර් ගුණරත්නම් මහතා ද වැලිසර නාවික හමුදා කඳවුරේ පිහිටි වධකාගාරයට ගෙන ගොස් ප‍්‍රශ්න කිරීම් සිදු කර ඇත. කොළඹ අපරාධ කොට්ඨාශයට ගෙනවිත් ඇත්තේ ඉන් අනතුරුවය.

Source - lankanewsweb.com

Share this article with your friends