Avurudu nakath - 2012
පරණ අවුරුද්ද සඳහා ස්‌නානයට.
අප්‍රේල් මස 12 වැනිදා බ්‍රහස්‌පතින්දා දින බෝපත් යුෂ මිශ්‍ර නානු ගා ස්‌නානය කොට ඉෂ්ට දේවතා අනුස්‌මරණයෙහි යෙදී වාසය මැනවි.අලුත් අවුරුදු උදාව.
අප්‍රේල් මස 13 වැනිදා සිකුරාදා අපර භාග 07.20 ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.
පුණ්‍ය කාලය.
අප්‍රේල් මස 13 වැනි සිකුරාදා අපර භාග 12.56 සිට 14 වැනිදා සෙනසුරාදා දින පූර්ව භාග 01.44 දක්‌වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 13 වැනි සිකුරාදා දින අපර භාග 12.56 ට පළමුව ආහාර අනුභව කොට සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීමද මැනවි. පුණ්‍ය කාලයේ අපර කොටස තුළ එනම් 13 වැනි දින අපර භාග 07.20 සිට 14 වන දින පූර්ව භාග 01.44 දක්‌වා පහත දැක්‌වෙන අයුරින් වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී චාරිත්‍ර විධි ඉටු කිරීමද මැනවි.
ආහාර පිසීම.
අප්‍රේල් මස 13 වැනි සිකුරාදා අපර භාග 07.42 ට සුදු මිශ්‍ර ලා නිල් පැහැති වස්‌ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ළිප් බැඳ ගිනි මොළවා ගිතෙල් සහ හකුරු මිශ්‍ර කිරිබතක් සහ තල මිශ්‍ර කැවිලි වර්ගයක් පිළියෙල කර ගැනීම මැනවි.
වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය.අප්‍රේල් මස 13 වැනිදා සිකුරාදා අපර භාග 10.28 ට සුදු මිශ්‍ර ලා නිල් පැහැති වස්‌ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි.
හිසතෙල් ගෑම.
අප්‍රේල් මස 15 වැනිදා ඉරිදා පූර්ව භාග 07.08 ට දකුණු දිශාව බලා හිසට ඉඹුල් පත්ද, පයට නුග පත්ද තබා රන්වන් පැහැති වස්‌ත්‍රාභරණයෙන් සැරසී තෙල් සහ ඉඹුල් පත් යුෂ මිශ්‍ර නානු ද ගා ස්‌නානය කිරීම මැනවි.
රැකී රක්‍ෂා සඳහා පිටත්ව යැම.අප්‍රේල් මස 18 වැනිදා බදාදා පූර්ව භාග 06.22 ට පලාවන් පැහැති වස්‌ත්‍රාභරණයෙන් සැරසී හකුරු මිශ්‍ර කිsරිබත් අනුභව කොට බටහිර දිශාව බලා රැකී රක්‍ෂා සඳහා පිටත්ව යැම මැනවි.
සේවා අවශ්‍යතා සඳහා පිටත්ව යැම.අප්‍රේල් මස 16 වැනි සඳුදා පූර්ව භාග 06.31 ට සුදු පැහැති වස්‌ත්‍රාභරණයෙන් සැරසී කිරිබත් හා තල මිශ්‍ර ආහාරයක් අනුභව කර දකුණු දිශාව බලා රැකීරක්‍ෂා සඳහා පිටත්ව යැම මැනවි.