Chitika Smowtion 468x60


Sunday, April 22, 2012

බොරැල්ල ආදාහනාගාරයේ මහ රෑ මිනී පුච්චලා !


කොළඹ බොරැල්ල ගෑස් ආදාහනාගාරය අද (22) අළුයම 1.00-2.00 අතර ක්‍රියාත්මක වෙමින් තිබු බව වාර්තාවේ.
සාමාන්‍යයෙන් රාත්‍රී 7.00 පසුව එම ආදාහනාගාරයේ මිනී පිච්චීමක් සිදු නොකරන බැවින් ද අද අලූයම ඒ අවට ජීප්රථ දෙකක් සහ වෑන් රථ දෙකක් නවතා තිබූ හෙයින්ද ඒ පිළිබඳව සැක කළ අසල්වාසියකු බොරැල්ල පොලීසියට ඒ සම්බන්ධයෙන් දැනුම් දී තිබේ.
තමා උදැසන 1.40ට පමණ මේ පිළිබඳව බොරැල්ල පොලිසියට දැනුම් දුන් නමුත් ආදාහනාගාරය අසල තිබූ රථ පිටව යනතෙක් පොලිසියේ කිසිවෙකු හෝ නොපැමිණි බව එම අසල් වැසියා අපගේ වෙබ්අඩවිය වෙත දැනුම්දෙනු ලැබීය. එම මොහොතේ කනත්තේ සිටි පුද්ගලයින් සිවිල් ඇඳුමෙන් සිටියද ඔවුන් ආරක්ෂක සාමාජිකයන් බව ඔවුන්ගේ හැසිරීමෙන් තහවුරු වූ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් අප බොරැල්ල පොලිසියේ නිලධාරියකුගෙන් විමසීමේදී ඔහු කියා සිටියේ අද උදැසන එවැනි සිදුවීමක් සම්බන්ධයෙන් දුරකතන පණිවුඩයක් ලැබී ඇති බවයි. තවද අප මේ සම්බන්ධයෙන් කොළඹ මහනගර සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගෙන් විමසා සිටි අතර ඔහු කියා සිටියේ, තම ආයතනය යටතේ පවතින බොරැල්ල සුසාන භූමියේ ගෑස් පෝරණුවේ කටයුතු රාත්‍රී 7.00න් පසු නිමා කරන බවයි. අනතුරුව ඊට අදාළ යතුරු එහි ප්‍රධාන මුරකරු බාරයේ තැබීම සාමාන්‍ය සිරිත බවද ඔහු සඳහන් කළේය. එහෙත් අද අළුයම ආදාහනාගාරය ක්‍රියාත්මක වූ බවට මෙතෙක් වාර්තා වී නැතැයිද හෙතෙම සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් තොරතුරු දැනගැනීම සඳහා කොළඹ පුරපතිවරයා සම්බන්ධ කර ගැනීමට බලවත් උත්සාහයක් දැරුවද ඔහු විදේශගතව සිටින බැවින් එම උත්සාහය ව්‍යර්ථවිය.
නිල වශයෙන් රාත්‍රී කාලයේ බොරැල්ල කනත්තේ මල මිනි පිච්චීම සිදු නොකරන නමුත්, 88-89 වකවානුවේ ජනතා විමුක්ති පෙරමුණේ තරුණ තරුණියන්, විශේෂයෙන්ම එම පක්ෂයේ නායක රෝහණ විෙජ්වීර ඇතුළු පිරිස් මෙම ගෑස් පෝරණුව තුළ මැදියම් රැයේ පවා පණපිටින් පුළුස්සා දමනු ලැබීය.
එසේ වුවද අද උදැසන ගෑස් පෝරණුවේ පුච්චනු ලැබුවේ කවුරුන්ද යන්න මෙතෙක් අපවෙත වාර්තා වී නොමැත.
අප මෙම ප්‍රවෘත්තිය එක් පුද්ගලයකුගේ තොරතුරක් මත පදනම්ව ඉදිරිපත් කරනු ලැබනු බැවින් මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් තොරතුරු සොයා බලන ලෙස ශ්‍රී ලංකාවේ සිටින මාධ්‍යවේදීන්ගෙන් මෙන්ම මානව හිමිකම් සංවිධානය වලින් කාරුණික ඉල්ලීමක් කර සිටිමු.

Source - lankanewsweb.com

Share this article with your friends