ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කෙනෙහිලිකම්වලට ලක් වූ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් කිහිපදෙනෙකුම මේ වන විට ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වටා ගොනු වෙමින් ඔහුව අගමැති කිරීමේ මෙහෙයුමක් කි‍්‍රයාත්මක කර තිබේ. අමාත්‍ය මර්වින් සිල්වා, නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචි නිලමේ හා පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිලංග සුමතිපාල යන මහත්වරුන් මෙම ව්‍යාපෘතියේ පෙරමුණ ගෙන සිටියි.
ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ දිස්ති‍්‍රක්කයේ සංවර්ධන ව්‍යාපෘතීන්හිදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා මහතාට විශේෂ අනුග්‍රහයක් දැක්වීම මත විමල් වීරවංශ, සුසිල් පේ‍්‍රම්ජයන්ත හා ඒ.එච්.එම්. ෆවුසි යන අමාත්‍යවරුන් ගෝඨාභය රාජපක්ෂ මහතා සමග අමනාපව සිටියද ඔවුන් බැසිල් රාජපක්ෂ මහතා සමග සම්මුතියකට ඒම ප්‍රතික්ෂේප කර තිබේ.
මේ වන විට බැසිල් රාජපක්ෂ මහතාගේ දැඩි අනුගාමිකයෙකු බවට පත්ව සිටින තිලංග සුමතිපාල මන්තී‍්‍රවරයා, පසුගියදා බොරැුල්ල ආසනයේ ශී‍්‍ර ල.නි.ප. කි‍්‍රයාකාරිකයින්ගේ විශේෂ හමුවක ප්‍රධාන ආරාධිතයා ලෙස බැසිල් රාජපක්ෂ මහතාට ආරාධනා කර ඇති අතර, එහිදී පැමිණ සිටි පිරිස් ඇමතූ බැසිල් රාජපක්ෂ මහතා, තමා පසුගිය කොළඹ නගර සභා මැතිවරණය මෙහෙයු වූයේ නම් අනිවාර්යයෙන්ම බොරැල්ල ආසනය ජයග්‍රහණය කරවීමට හැකියාව තිබූ බවත්, එහෙත් කිහිප දෙනෙකු ඇඟිලි ගසන වැඩවලට තමා සම්බන්ධ නොවන බවත් සඳහන් කළේය. එම මැතිවරණයේදී බොරැල්ල ආසනයේ මැතිවරණ කටයුතු අධීක්ෂණය කරනු ලැබුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්ෂ මහතාය.
රාජපක්ෂ සහෝදරවරුන් අතර පවතින මෙම සීතල යුද්ධය පිළිබඳව අප කළ විමසීමකදී අදහස් දැක් වූ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු කියා සිටියේ, රාජපක්ෂවරුන් අතර පවතින්නේ යැයි කියැවෙන ගැටුම්වල සත්‍යතාවයක් නොමැති බවයි. ජනාධිපතිවරයා කෙරෙහි සහ ආරක්ෂක ලේකම්වරයා කෙරෙහි කලකිරෙන කොටස් බැසිල් රාජපක්ෂ හරහා ආණ්ඩුව තුළම රඳවා ගැනීම රාජපක්ෂවරුන්ගේ උපක්‍රමයක් බවත්, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මැති ඇමැතිවරු කිසිවෙකු එම උප්පරවැට්ටියට අසු නොවන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
Source - lankanewsweb.com