Chitika Smowtion 468x60


Tuesday, May 8, 2012

සමාජවාදය සඳහා නිසි නායකත්වයක් - ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න


ලෝකය පුරා සමාජවාදය ගැන යලි පිබිදීමක් ඇති වෙලා තිඛෙනවා. සමාජවාදය ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් තුල මිසක ඒකාධිපතිවාදයකින් ඇති කරන්න බෑ කියල දැන් කාටත් වැටහෙනව.

දැනට භාවිතාවන ප්‍රාදේශීය කොට්ටාශ ක්‍රමයට විරුද්ධව, සමාජ කොට්ටාශ හැටියට ඡන්ද විමසීම තමා සෝවියට් ක්‍රමය කියන්නේ. සමාජ කොට්ඨාශය හදුන්වන්න තමා සෝවියට් යන වචනය ආවේ.
දැන් අපි ආසනය කියන්නේ භූගෝලීය ප්‍රදේශයක්. එතකොට එයට එක් සමාජ කොටසක් වෙනුවට විවිධ කොටස් ඇතුල් වෙනව. ඒ අනුව පංති උවමනාව වෙනුවට, පවුල, ගම, කුලය, ආගම ආදිය උඩ කැමැත්ත ප්‍රකාශ වෙනව මිස සමාජ උවමනාව එළියට එන්නේ නෑ.
නමුත් සෝවියට් ක්‍රමයට හැම කෙනෙකුට ම තම සමාජ උවමනාව උඩ ඡන්ද බලය ලැඛෙනව. ඉඩම් හිමියන්ට, වෙළඳුන්ට, කොම්පැනි හිමියන්ට වුනත් තමන්ගේ අය අතර ඡන්දයෙන් නියෝජනය ලැඛෙනව. මෙතැනදී අනුන්ගේ ඡන්දෙන් ධනපතියන්ට එන්න බෑ. තමන්ගේ අයගේ ඡන්දයෙන් තමා පත්වෙන්න පුළුවන්. හැමෝටම සර්ව ජන ඡන්ද බලය තිඛෙනව.
මේ ක්‍රමය තුල වැඩපල ඇතුලේ ඡන්දයේ දී එතැන තමන්ගේ කෙනෙක් ඡන්දයට ඉදිරිපත් කරන්න කොම්පැනි හිමියටත් පුළුවන්. ඒත් දැනටත් වැඩ පලක වෘත්තීය සමිතියක කොම්පැණි හිමියන්ට හිතවත් කම්කරුවන්ට ඡන්ද බලයෙන් පත්වෙන්න ලැඛෙන්නේ නෑ. කොහොමටත් සමාජවාදී ක්‍රමයක් තුල ධනපතියො නැතිවන නිසා ඒ සමාජ කොට්ඨාශය නිකම්ම අහෝසි වෙනව.
ඒ විදියට අහෝසි වෙන එක නවත්තන්න බෑ. හැබැයි ධනපති ක්‍රමය වෙනුවෙන් ඕනම සමාජ කොට්ඨාශයකට සෝවියට් එකක් තුල තරග කරන්න පුළුවන්. රුසියාවේ මුල් කාලෙදී සෝවියට් තුල කෙඩෙට්(ක‍්ාැඑ) කියන ධනපති පක්ෂය තරග කරල සුළු නියෝජන පිරිසක් ඇති කර ගත්ත.
පසු කාලෙක මේ සියල්ල වෙනස් වෙලා සෝවියට් තුල දේශපාලන සාකච්ඡාව ඉතා සුළු වුනා. එතැනින් තමා නිලධාරීවාදී විනාශය ඇතිවෙන්න පටන් ගත්තේ. අන්තිමේ දී බොරු කොමියුනිස්ට් නිලධාරීවාදීන් පාලනය උන්ගේ අතට හිර කරගෙන ධනපති ක්‍රමය දක්වාම ආපහු ඇදගෙන ගියා. බටහිර ධනපති රටවල් තුල ඇතිවුන තාක්ෂණ විප්ලවය මේ ප්‍රතිවිප්ලවයට අනියම් ලෙස උදව් වුනා.
ආර්ථීක වර්ධනය තුල ධනවාදයට තාවකාලික ජයක් ලැබුනා. ඒත් එය දැන් කඩා වැටිල. Aමඑදප්එසදබ විප්ලවයෙන් ධනවාදය අහෝසි වන තැනට ඇවිත්. මොකද? ලාබ රේට්ටුව ඉතාම පහල මට්ටමට වැටිල. මුළු ලෝකයම එකක් හැටියට සලකල වෙළදාමට යන නිසා ලාබයක් ඉතුරු වුනත් ඒකත් අද වන විට නෑ. පසුගිය අර්බූදයෙන් ඇමරිකාව ගොඩ ආවේ විශාල මුදල් කුට්ටි කොම්පැනිවලට රජයෙන් ලබා දීමෙන්. ඒකට චීනයෙන් පවා මුදල් ඉල්ලගන්න සිද්ධ වුනා.
දැන් ධනපතියොම සමාජවාදය ගැන කථා කරන තැනට පත් වෙලා. ඒ ඔවුන් පංති සාමය තුලින් ඛෙල්ල ඛෙරගන්න හදන උත්සාහයක්. ලංකාවෙත් දැන් කම්කරුවන් ගැන කථාව වැඩි කරල. ඒත් ලෝක නය දෙන්නන්ට වහල් වුන මේ ආණ්ඩුවට කිසිම සහනයක් දෙන්න පුළුවන්කමක් නෑ. ඔවුන් කරන්නේ හැම සතයක්ම උදුරාගෙන නය කාරයින්ට ගෙවන එකයි. මේ තත්ත්වය කම්කරුවන් වටහා ගනිමින් ඉන්නේ.
කම්කරුවන් තවම නැගී සිටින්නේ නැත්තේ ඇයි. ඒ කම්කරුවන් තමන් කම්කරුවන් කියල නොදන්න නිසාද ? නැත්නම් කම්කරුවන් සංවිධාන වී නැති නිසාද? ඒ දෙකම බොරු. රුසියාවේ විප්ලවය වන විට කම්කරුවන් වෘත්තීය සමිති වල සංවිධානය වී සිටියේ බොහොම ටිකයි. ඒ අතර රටේ කම්කරුවන් වුනේ 10% පමණයි.
ඒත් ඔවුන්ව රුසියානු මහ ජාතිවාදී මථයෙන් ගලවා ගැන්මට බොල්ෂෙවික්වරුන්ට හැකි වුනා. ලංකාවේ මේ පසුබැස්ම වුනේ ජනතා විමුක්ති පෙරමුණ දරුණු ජාතිවාදී ස්ථාවරයක් අරන් මහින්දලාට උදව් වුන නිසයි. ජාතිවාදී, ආගම්වාදී මනෝ භාවය බිඳ දැමීමට එක්සත්ව ක්‍රියා නොකලොත් පංතිය ස්වාධීන සටනකට ගන්න බෑ. හයිඩ්පාක් එකට රැස්වුන සමිති නායකයින් තවමත් මහින්දගෙන් වෙන් වෙලා නැත්තේ ජාතිවාදී, ආගම් වාදී බැඳීම් නිසා. මේ තරම් දරුණු කප්පාදුවක් තුලත් ඒ ගැන සටන් මගට යන්නට උවමනා නැත්තේ ඒ නිසයි.
මේ රජය බොරු අධිරාජ්‍ය විරෝධයක් මවන්නේ ජාතිවාදී පදනමෙන්. දෙමල ජාතියට සිදුවන වැරදි ගැන ප්‍රකාශන කිරීම අධිරාජ්‍යවාදී බලපෑම ලෙසට මහ හඬින් කියා සිටිමින් ජාත්‍යන්තර කුමන්ත්‍රණ ගැන මේ අය කතා කරනව. මානව හිමිකම් ගැන කථා කිරීම අධිරාජ්‍යවාදය ලෙස හඳුන්වන මහින්ද ආර්ථීක කොන්දේසි උන් කියන කියන විදියට ක්‍රියාත්මක කරනව. ඒ අනුව ඇමරිකාව, බි්‍රතාන්‍යය, ප්‍රංශය ආදී රටවල් වල ප්‍රශංසාව ලබා ගන්නව.
නව ලිබරල්වාදී ප්‍රතිසංස්කරණ කිරීම අධිරාජ්‍යවාදයය කියල කියන්නේ නෑ. කම්කරු අයිතීන් නැති කිරීම, වැටප් සීමා ඇති කිරීම, ජීවන අංක ගෙවීම් යට කිරිම, රැකියා සුරැකුම් නැති කිරීම, ඉඩම් කැබලි කර විකිනීම් පහසු කිරිම, ජලය පුද්ගලීකරණය කිරීම, සෞඛ්‍ය හා අධ්‍යාපනය පුද්ගලීකරණය කිරීම ආදී වූ උන්ගේ ඉල්ලීම් අනුව ඒවා නොපිරිහෙලා ඉටු කිරීමට නම් මහින්ද ක්‍රියාකරනව. එසේ අධිරාජ්‍යවාදී ඉල්ලීම් මත උන් සතුටු කිරීම ක්‍රියාවට නගනව. එතකොට අධිරාජ්‍යවාදය ගැන කථාවක් නැහැ. යුද්ධයෙන් වුන විපත ගැන කියන විට විතරක් අධිරාජ්‍යවාදය මතක් වෙනව.
මේ විශාල ප්‍රෝඩාව හෙලිදරව් කරල කම්කරුවන් නිදහස් කර ගැනීම අද තියෙන ලොකුම ප්‍රශ්නය. මේක යට ගහල පංතිය අවදි නෑ කියමින් හඬ තැලීමෙන් පංතිය අවදි වෙන්නේ නෑ. තරුණයන් ජාතිවාදී මථවාදයන්ට යොමු වෙනව වගේම ලේසියෙන් එයින් එළියට එන්නත් පුළුවන්. ඒත් පංතිය එහා මෙහා කරන එක ලොකු රාජකාරියක්. දැන් පංතිය එළියට එන බව පැරණි වමේ පක්ෂ පවා වෙනම මැයි දිනයකට තල්ලූවීමෙන් පෙනෙනව.
මැයි දිනයේ දී වමේ එකමුතුවක් තුලින් නිර්ධනීන්ට එල්ල කල බලපැම නිවැරදියි. නමුත් මෙම ආණ්ඩුවේ බොරුව හෙලි කරමින් අරගලයට යොමු විය යුතුයි. එසේ නොකොලොත් එයින් වාසි ලබන්නේ රැඩිකල් ලිබරල් මථයකින් එළියට එන රනිල් හෝ යූඇන්පී යයි. ඔහු ජාතිවාදයට විරුද්ධව දෙමල ජාතික ධනපතියන් සමඟ සංධානයකින් එළියට බහින්න සැලසුම් දමළයි තියෙන්නේ. ඒ අතර සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ආර්ථීක අදහස් ඉදිරිපත් කරමින් ලෝක බැංකුවත් විවේචනයට ලක් කරනව. මෙය වමට ප්‍රබල අභියෝගයක්.
දැනටමත් සමහර වමේ සමිති නායකයින් හිතන්නේ ඔහු යථාවාදී ගමණක් යන බවයි. මෙයට අභියෝගයක් කිරීමට නම් වම වඩාත් ප්‍රබුද්ධ මථයකින් මහින්දට මුහුණ දිය යුතුයි. මතුවී එන අරගල සියල්ලටම මැදිහත් විය යුතුයි. ජනතාවගේ සටන් රැල්ලක් නැගීගෙන එනව. එයට නායකත්වයක් සැපයීමෙන් වමේ බලය ගොඩ නැගිය යුතුයි.

Source - lankanewsweb.com

Share this article with your friends