බුදු පිළිම දන්සැල.
වෙසක් හයර් දන්සැල.
ලොව දිගම පිරිත් නූල් පන්දුව.
ලොව ලොකුම බොදු කොඩිය.
මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් අමුතු අකාරයේ දන්සැල් හා වාර්තාගත සිද්ධීන් වාර්තා වුණා. පහත දැක්වෙන්නේ එවන් අමුතු ආකාරයේ දන්සැල් කීපයක් හා වාර්තාගත සිද්ධීන් කීපයකි.
බුදු පිළිම දන්සැල.
බුදු පිළිම දන්සැලක් ගාල්ලේ ගල්වඩුගොඩ ප්‍රදේශයෙන් වාර්තා වුණා. එහිදී සුදු පැහැති තිරුවානා කුඩුවලින් නිමවූ අගල් හයක් උසැති බුදු පිළිම 250 ක් පමණ පරිත්‍යාග කලේ ව්‍යාපාරික විසුම් මාපලගම මහතායි.
වෙසක් හයර් දන්සැල.
මෙම ප්‍රවාහන දන්සැළ තිබුනේ කිණිගම මංසන්ධියේ සිට මහ උල්පත ශ්‍රී නිග්‍රෝධාරාමය දක්වායි
ලොව දිගම පිරිත් නූල් පන්දුව.
සාමාන්‍ය නූල් පන්දු 2600 ක් ඔතා සැකසූ අඩි 10ක් දිග ලෝකයේ දිගම පිරිත් නූල් පන්දුව (පිරිත්හුය) මහනුවර බෝගම්බර බෝධිමළු විහාරස්ථානයේ ප්‍රදර්ශනය කෙරුණා
මෙම "පිරිත්හුය" වටිනා දැවයෙන් නිර්මාණය කොට තිබුනේ නිල්ලඹ, වාරියගල, බේලින් ජනපදයේ කේ. ජී. කුලරත්න මහතායි. ඔහු කතා කිරීමේ අපහසුතාවෙන් පෙළෙන්නකු වේ.
ලොව ලොකුම බොදු කොඩිය.
බෞද්ධ කොඩියට වසර 127 ක් සපිරීම වෙනුවෙන් මහනුවර බොක්කාවල වෑවල ශ්‍රී ඉසිපතනාරාම විහාරස්ථ තරුණ බෞද්ධ සංගමය නිර්මාණය කළ ලෝකයේ විශාලතම බෞද්ධ කොඩිය මැයි දෙවැනිදා සිට මහජන ප්‍රදර්ශණය කෙරෙනවා.
අඩි 200 ක් දිග සහ අඩි 100 ක් උස මෙම කොඩිය මෙතෙක් ලෝකයේ විශාලතම කොඩිය බවයි ඔවුන් පවසන්නේ.
ඔබ ප්රදේශයෙත් මෙවන් දෑ සිදුවුනි නම් අප වෙන එම විස්තර යොමුකිරීමට පුළුවන.
Source: http://www.gossip9.com/2012/05/blog-post_07.html#ixzz1uDR8ethZ