Chitika Smowtion 468x60


Wednesday, May 16, 2012

කඳුකරයෙන් සහ මුහුදකින් යුත් අලුත් පලාතක් හැමෝටම


ලංකාවේ දැනට පවතින පලාත් වල සීමාවන් වෙනස් කරමින් සෑම පලාතකටම මුහුදු තීරුවක් ලැබෙන සේ නව මායිම් ලකුණු කිරීමට සූදානමක් පවතින බව වාර්තා වෙනවා.

ඒ පිළිබඳව රජයේ නිලධාරීන් අතර පැවති සාකච්ඡා වලින් ක්‍රියාවට නැංවීමට තීරණය වී ඇතැයි පැවසෙන අතර මේ යෝජනාව අනුව සෑම පලාතකටම මධ්‍යම කඳුකරයෙන් කොටසක් ද හිමි වෙනවා.

එකම භාෂාවක් කතා කරන සමාන ජාතිකයින් විසීම, සංස්කෘතිකමය සමානකම්, ඉඩම් අයිතිය සහ සමාන භූ විෂමතාවයන් සලකා උතුරු නැගෙනහිර දෙපලාත එක් කිරීමට එම පලාත් වල මහජන නියෝජිතයින් විසින් යෝජනාවක් මීට පෙර ඉදිරිපත් උනා.

නමුත් එම යෝජනාව ශේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

රටේ පවතින ජාතික සම්පත් සෑම පළාත් සභාවකටම බෙදී යාමටත්, පළාත් සභා අතර පවතින ගැටළුකාරී තත්ත්වයන් අවම කිරීමටත් මෙම නව ක්‍රමවේදය තුළින් ඉඩ ලැබෙනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු වෙනවා.

පවතින පලාත් සභාවන් ගේ සීමා ලකුණු කිරීමේ දී දේශගුණික, ඓතිහාසික, භූ විෂමතා සහ ජනවර්ග, සංස්කාතික ඒකාබද්ධතා වැනි කරුණු රැසක් සැලකිල්ලට ගෙන තිබෙන නමුත් මෙම නව සීමා සැකසීමේදී මෙම විශේෂ කරුණු කිසිවක් සැලකිල්ලට ගෙන නැති බවයි පෙනෙන්නට තිබෙන්නේ.

(ඉහත රූපයේ දැක්වෙන්නේ පලාත් බෙදනා ආකාරය නොවන බව සලකන්න)








Source: http://www.gossip9.com/2012/05/blog-post_4160.html#ixzz1v3XvyhPc

Share this article with your friends