Chitika Smowtion 468x60


Wednesday, May 16, 2012

කාල්ටන් සුපර් සෙවන් වෙනුවෙන් විවේක් හා බිපාෂා ලංකාවට


කාල්ටන් සුපර් සෙවන්ස් රග්බි තරඟය මෙම මස 26 වනදා ආරම්භ වීමට නියමිතය.දේශීය රග්බි ක‍්‍රීඩකයින්ගෙන් හා ලොව සුපිරි සත් සාමාජික රග්බි ක‍්‍රීඩකයින් 40 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් 10ක් කාල්ටන් සුපර් සෙවන්ස් රග්බි තරගාවලියට එක්වන අතර සෑම කණ්ඩායමක්ම ක‍්‍රීඩකයන් එක් කරගන්නේ ලංසුවක් මගිනි.

නමුත් මෙම තරඟය සඳහා සහභාගී වීම මහනුවර ක‍්‍රීඩා සමාජයේ ක‍්‍රීඩකයින් ප්‍රතික්ෂේපකොට ඇත.

කාල්ටන් සුපර් සෙවන්ස් රගර් තරගාවලියේ පළමු අදියර මේ මස 26 – 27 දෙදින බෝගම්බර පිටියේදීත්, දෙවැනි අදියර ජුනි මස 2 – 3 දෙදින කොළඹ පොලිස් ක්‍රීඩාංගණයේදීත් පැවැත්වේ.


මේ තරගාවලියට සමගාමීව රගර් ක්‍රීඩාවේ නීති රිති හා ක්‍රීඩාවේ විවිධ විශේෂිත අවස්ථා ප්‍රදර්ශනය කෙරෙන සංචාරක ප්‍රදර්ශන රථයක් දිවයින පුරා සංචාරය කිරීමට නියමිතයි.

පසුගියදාපැවති උත්සවයකදී රුපියල් ලක්ෂ 30 ක් වටිනා තරඟාවලියේ ශුරතා කුසලානය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් නිරාවරණය කරනු ලැබුවා.

මෙහිදී නාමල් රාජපක්ෂගේ විශේෂ ආරාධනාවක් මත බොලිවුඩ් නළු 
විවේක් ඔබරෝයි මෙහි සමාරම්භක උත්සවයට සහභාගී වීමට නියමිත අතර අවසන් උත්සවයේ සඳහා බොලිවුඩ් නිලි බිපාෂා බාසු සහභාගී වීමට නියමිත වේ.










Source: http://www.gossip9.com/2012/05/blog-post_16.html#ixzz1v1eDRZn2

Share this article with your friends