Chitika Smowtion 468x60


Tuesday, June 5, 2012

සජින් වාස්ගෙන් සරෝජාට බලපෑම්


භින්න පෞරුෂයකින් පෙළෙන විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධික්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාගේ විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියකව සරෝජා සිරිසේන මහත්මියට බලපෑම් එල්ල වී ඇතැයි වාර්තා වේ.
සරෝජා සිරිසේන මහත්මිය ඩිලාන් පෙරේරා අමාත්‍යවරයාගේ හිටපු බිරිඳක් වේ. කීර්තිමත් විශේෂඥ වෛද්‍යවරයකුවන දොස්තර සිරිසේන මහතා සරෝජා මහත්මියගේ පියාණන් වේ.
සරෝජා මහත්මිය, සජින් වාස් ගුණවර්ධන මහතාගේ පලිගැනීමට ලක්වී ඇත්තේ පසුගිය ජිනීවා සංචාරයේදී ඇති වූ සිදුවීමකි.
ශ්‍රී ලංකා රජය සම්බන්ධයෙන් ඇමරිකාව විසින් ඉදිරිපත් කළ යෝජනාවට ප්‍රතිචාර දැක්වීම සඳහා අවට රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පමණක් නොව විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් විශාල පිරිසක්ද සහභාගිවිය. එම නිලධාරීන් මෙහෙය වීමේ කටයුතු ජනාධිපතිවරයා විසින් පවරා තිබුණේ සජින් වාස් ගුණවර්ධන මන්ත්‍රීවරයා වෙතය. ඔහු එම මෙහෙයුම් කටයුතු සඳහා ජිනීවා හී සුපිරි හෝටලයක කාමර සංකීර්ණයක් වෙන්කර ගෙන එහි නවාතැන් ගෙන සිටි අතර, ඔහු එම හෝටලයට අදාළ නිලධාරීන් සහ මැති ඇමතිවරුන් කැඳවා උපදෙස් දෙනු ලැබීය. ලකුණු දා ගැනීමට සජින් වාස් ගුණවර්ධන මන්ත්‍රීවරයා හමුවීමට සෑම දිනකම රාත්‍රියේ ඔහුගේ හෝටල් කාමරයට පැමිණෙන මැති ඇමතිවරුන්ට හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්ට ආවතේව කිරීමේ කටයුතු පැවරී තිබුණේ විදේශ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ෂේණුකා සෙනවිරත්න මහත්මිය වෙතටය. එම විශේෂ අමුත්තන් හට මත්පැන් සහ බයිට් සැපයීම ජිනීවා සංචාරයේදී ඇය වෙත පැවරී තිබූ විශේෂ රාජකාරිය වේ.
මේ අතර එක් අවස්ථාවක දී සජින් වාස් ගුණවර්ධන මන්ත්‍රීවරයා හමුවීමට පැමිණි සිටි මාධ්‍යවේදීන් කිහිපදෙනකු තේ පැන් සාදා දෙන්නැයි එදින රාජකාරීයේ නිරතව සිටි සරෝජා සිරිසේන මහත්මිය වෙත සජින් වාස් ගුණවර්ධණ මන්ත්‍රීවරයා නියෝග කර ඇත. එම නියෝගයෙන් කෝපයට පත් සරෝජා මහත්මිය, මන්ත්‍රීවරයාට හා අමුත්තන්ට තේ පැන් සපයන ලෙස හෝටල් සේවකයකුට දැනුම් දී ඇත.
තේ පැන් ප්‍රමාද වීම සහ අනතුරුව හෝටල් සේවකයකු විසින් තේ රැගෙන ඒම පිළිබඳ කෝපයට පත් මන්ත්‍රීවරයා, සරෝජා මහත්මිය වෙත බැන වැදී, තමා කවුරුන්දැයි ලංකාවට ගිය පසු පෙන්වා දෙන බවට තර්ජනය කර තිබේ.
ඒ අනුව ජිනීවා පරාජයෙන් පසුව ලංකාවට පැමිණි සජින් වාස් ගුණවර්ධන මන්ත්‍රීවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි සරෝජා මහත්මිය විදේශ කටයුතු අමාත්‍යාංශයේ පාරිභෝගික සේවා අංශයට මාරු කර යවා තිබේ. මේ සම්බන්ධයෙන් සරෝජා මහත්මිය තම හිතවතුන්ට පවසා ඇත්තේ, රැකියාව හැර දමා ගෙදර යෑමට සිදු වුවත් තමා දේශපාලන රෝගීන්ට අවනත නොවන බවයි. තමාට ලැබුණු අලූත් රාජකාරිය පිළිබඳව අතිශයින් තෘප්තිමත්ව සිටි බව සඳහන් කර ඇති සරෝජා මහත්මිය දැන් තමාට වේලාසනම ගෙදර යෑමේ නිදහස ලැබී ඇතැයිද සඳහන් කර තිබේ.
අප වෙත වාර්තාවන පරිදි විදේශ අමාත්‍යාංශයේ නිලධාරීන් හා නිලධාරිනයන් විශාල පිරිසක් භින්න පෞරුෂයෙන් පෙළෙන සජින් වාස් ගුණවර්ධන මන්ත්‍රීවරයාගේ පලිගැනීම්වලට ලක්ව ඇති අතර විදේශ අමාත්‍යාංශ අතිරේක ලේකම් ෂේණුකා සෙනවිරත්න මහත්මිය ඔහුගේ පදයට නටන රෑකඩයක් බවට පත් වී තිබේ.


Source - lankanewsweb.com

Share this article with your friends